මධුෂ් ඇතුළු පිරිස හෙට යළි අධිකරණය හමුවට - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, February 26, 2019

මධුෂ් ඇතුළු පිරිස හෙට යළි අධිකරණය හමුවට

මධුෂ් ඇතුළු පිරිස හෙට යළි අධිකරණය හමුවට

ඩුබායිහි රක්ෂිත බන්ධනාගාරගතව සිටින පාතාල කල්ලි නායක මාකදුරේ මධුෂ් ඇතුළු පිරිස හෙට යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

එම පිරිස අතර සිටින ගායන ශිල්පී අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ශාබ්දික වෙල්ලප්පිලි මහතා මේ බව සඳහන් කළේය.

නීතිඥ ශාබ්දික වෙල්ලප්පිලි මහතා ප්‍ර‍කාශ කළේ, අදාළ සැකකරුවන් තවත් මාසයක කාලයක් සඳහා රක්ෂිත බන්ධනාගාරගත කරනු ඇති බවය.

එරට ප්‍රධාන විශෝධක විසින් කරන ලද ඉල්ලීමක් අනුව එය සිදු වීමට නියමිත බව ද ඔහු ප්‍ර‍කාශ කළේය.

අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා මත්ද්‍රව්‍ය භාවිත කර ඇද්දැයි තහවුරු කර ගැනීම සඳහා එරට පොලීසිය කැඳවූ අවසන් වාර්තාව මෙතෙක් ලැබී නැතැයි ද ඔහු පැවසුවේය.

එහිදී ඔවුන් මත්ද්‍රව්‍ය භාවිත කර ඇතැයි තහවුරු වුවහොත් එරට නීතිය අනුව වසර 3ක සිර දඬුවමක් සහ ඩිරාම් 10000ක දඩ නියම වනු ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad