ගහේ හැපුනෙ කලවැද්දෙක් බේරන්න ගිහින් - රවීන්ද්‍ර යසස් - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, February 2, 2019

ගහේ හැපුනෙ කලවැද්දෙක් බේරන්න ගිහින් - රවීන්ද්‍ර යසස්

ප්‍රකට වේදිකා නළු රවින්ද්‍ර යසස් පසුගියදා රිය අනතුරකට ලක්වූ පුවත බොහෝ මාධ්‍ය තුළ පළවුණා. පසුගිය 28 වැනිදා හිමිදිරියේ ගුවන් විදුලි වැඩසටහනකට සහභාගිවීමට ගොස් නිවෙසට එන අතර මඟදී
බණ්ඩාරගම කැස්බෑව මාර්ගයේ ගම්මන්පිල කඹුරුගොඩ ප්‍රදේශයේදී රවීන්ද්‍රගේ රිය කුඹුක් ගසක හැපී තිබුණු අතර ඒ ගම්වාසීන් එක්ව ඔහු හොරණ රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබුණා. සරත් ෆොන්සේකා නායකත්වය යටතේ පිහිටුවා තිබූ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරයකුද වන ඔහු

කලවැද්දෙකු බේරිමට ගොස් මෙම අනතුර සිදුවූ බව සතිඅන්ත පුවත්පතකට ප්‍රකාශ කර තිබේ.

‘‘ මම ප්‍රෝගෑම් එක ඉවර වෙලා ගෙදර යන්න ගියේ. කඹුරුගොඩදී පාර හරහා සතෙක් පැන්නා. මට මතක හැටියට ටිකක් ලොකු කලවැද්දෙක් වෙන්න ඇති. මම සතා බේරන්න පාර අයිනට අරගත්තා. ඒ එක්කම හිතා ගන්නවත් බැරි විදියට ලිස්සුවා. ගිය වේගයෙන්ම ගිහින් කුඹුක් ගහක වැදුණා.

මම ගෙදරට කතා කරලා විස්තරය කිව්වා. විනාඩි ගණනකින් ඇම්බියුලන්ස් එක ආවා. කඹුරුගොඩ මිනිස්සු මාව මාව හොස්පිට්ල් එකට ගෙනියනකොටත් මට හොඳට සිහිය තිබුණා. ඇඩ්මිට් කරන කොට රත්තරන් බඩු වලට මොකද කරන්නේ කියලා ඇහුවා. මම කිව්වා ඔය ගොල්ල තියාගන්න කියලා. ඒ සියල්ලම කිසිම දෙයක් අඩු නැතුව පරිස්සම් කරලා තිබුණා. ඒ නිසා ඒ හැම දෙනාටම ස්තූති කරන්න ඕන. මාව ඇතුළත් කරපු වෙලාවේ ඉඳලා හොරණ ඉස්පිරිතාලේ සුළු සේවකයාගේ ඉඳලා හැම කෙනෙක්ම මට හොඳට සැලකුවා. විශේෂයෙන් වෛද්‍යවරු අවශ්‍ය හැම පරීක්ෂණයක්ම කරලා මට ප්‍රතිකාර කළා. ඒ හැම දෙනාටම ස්තූති වන්ත වනවා.‘‘

No comments:

Post a Comment

Post Bottom Ad