පස්වන ණය වාරිකය ලබාදීම ගැන IMF නිරික්ෂණ වාර්තාව අද - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, February 19, 2019

පස්වන ණය වාරිකය ලබාදීම ගැන IMF නිරික්ෂණ වාර්තාව අද

පස්වන ණය වාරිකය ලබාදීම ගැන IMF නිරික්ෂණ වාර්තාව අද

මෙරටට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් කණ්ඩායම සිය නිරීක්ෂණ වාර්තාව අද (20) දිනයේදී ලබාදීමට නියමිත බව මුදල් අමාත්‍යාංශය පවසයි.

 මෙරටට ලබාදීමට නියමිත ණය වාරික සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් පසුගියදා දිවයිනට පැමිණියේය.

ඒ අනුව ඔවුන් පසුගියදා (18) දිනයේදී මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා මුණගැසී සාකච්ඡා කර තිබේ.

මීට අමතරව ඔවුන් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සහ මහ බැංකු අධිපතිවරයා ද මුණගැසී සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.

මෙම සාකච්ඡාවලින් අනතුරුව පස්වන ණය වාරිකය ලබාදීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින්ගේ නිරික්ෂණ අද දිනයේදී ඉදිරිපත් කිරීමට නියමිතයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් මේ වන විට මෙරටට ලබාදීමට නියමිත ණය මුදලේ වාරික 4ක් ලබාදී ඇති අතර පස්වන වාරිකය පසුගිය වසරේ නොවැම්බර් මාසයේ දී ලබාදීමට සැලසුම් කර තිබුණි.

කෙසේවෙතත් එවකට පැවති දේශපාලන වාතාවරණය හේතුවෙන් එය ගෙවීම තාවකාලිකව නතර කිරීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පියවර ගත්තේය.

ඒ අනුව පසුගිය ජනවාරි මාසයේ දී මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් එම ණය මුදල මෙරටට ලබාගැනීමට අදාළ සාකච්ඡා සිදුකර තිබේ.

එහි ප්‍රතිඵලයක් ලෙස මෙම නියෝජිත කණ්ඩායම දිවයිනට පැමිණි බව මුදල් අමාත්‍යාංශය සදහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad