රුපියල් ලක්‍ෂයක් සමග ශී‍්‍රපාදයේ වැටුණු පසුම්බිය අයිතිකරු සොයා භාර දෙයි. - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, February 19, 2019

රුපියල් ලක්‍ෂයක් සමග ශී‍්‍රපාදයේ වැටුණු පසුම්බිය අයිතිකරු සොයා භාර දෙයි.

Loading...
ශ‍්‍රීපාද වන්දනාවේ පැමිණි වන්දනාකරුවකුගේ අස්ථානගතව තිබූ රුපියල් එක් ලක්ෂ තුන්දාහක මුදලක් සහිත පසුම්බිය නල්ලතන්නිය පොලිසියේදී 18 වැනිදා පස්වරුවේ අයිතිකරු වෙත භාර දීමේ පුවතක් වාර්තා වෙයි.
බියගම්පොළ, කොටදෙනියාව ප‍්‍රදේශයේ පදිංචි ආර්.ඩබ්.ටී.පුලතිසි රාජපක්ෂ නමැති මෙම වන්දනාකරු නල්ලතන්නිය-ශ‍්‍රීපාද මාර්ගයෙන් ශ‍්‍රීපාද වන්දනාවේ ගොස් නැවත නල්ලතන්නිය බලා පැමිණෙමින් සිටියදී ගඟු‍ලතැන්න සිද්ධාලේප ආයතනයට ගොස් ගිමන් හැර ඇත. විශ‍්‍රාම ශාලාවේ දෛනික කටයුතු සොයා බලමින් සිටි සිද්ධාලේප ආයතනයේ, ශ‍්‍රීපාද කළමනාකරු වන අජිත් දමයන්ත කැකුළාවල මහතාට 18 වැනිදා පෙරවරුවේ මෙම මුදල් පසුම්බිය හමුවී ඇත. අනතුරුව ඒ මහතා වහා නල්ලතන්නිය පොලිසියට පැමිණ තමන් හමුවී සිද්ධිය පිළිබඳව දැනුම්වත් කිරීමෙන් පැය කීපයකට පසුව පසුම්බියේ අයිතිකරු නල්ලතන්නිය පොලිසියට ඉදිරිපත්වූ බවත්, පසුව අනන්‍යතාවය හා මෙතරම් මුදලක් රැුගෙන ශ‍්‍රීපාද වන්දනාවේ පැමිණියේ ද යන්න සම්බන්ධව තහවුරු කර
ගැනීමෙන් අනතුරුව පසුම්බිය නැවත අයිතිකරුට නල්ලතන්නිය පොලිසියේදී භාර දුන් බවත් නල්ලතන්නිය පොලිස්ථානාධිපති, පොලිස් පරීක්ෂක ලක්සිරි ප‍්‍රනාන්දු මහතා පැවසීය.
ශ‍්‍රීපාද වන්දනාවේ පැමිණෙන විට තමන්ගේ මුදල් පසුම්බි, ජංගම දුරකථන, ස්වර්ණාභරණ හා වෙනත් වටිනා දේවල් සම්බන්ධව සැලකිලිමත් වන ලෙසත්, විශාල මුදලක් පසුම්බිවල දමා ශ‍්‍රීපාද වන්දනාවේ නොයෙදෙන ලෙස තමන් සමස්ත වන්දනාකරුවන්ගෙන් ඉල්ලා සිටින බවත් මෙහිදී නල්ලතන්නිය පොලිස්ථානාධිපතිවරයා පැවසීය.
පොලිස්ථානාධිපතිවරයා විසින් පසුම්බිය අයිතිකරුට භාර දෙන ලද අයුරු. සිද්ධාලේප ආයතනයේ ශ‍්‍රීපාද කළමනාකරු අජිත් දමයන්ත කැකුලාවල මහතා ද ඡායාරූපයේ පසෙකින් සිටියි.
-Divaina.

No comments:

Post a Comment

Post Bottom Ad