"කොකේන් ගහන කැබිනට් ඇමති කෙනෙක්ගේ වීඩියෝවකුත් තියෙනවා - ලිස්ට් එකේ JVP අය නෑ කිව්වෙ නෑ" - රංජන් - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, February 26, 2019

"කොකේන් ගහන කැබිනට් ඇමති කෙනෙක්ගේ වීඩියෝවකුත් තියෙනවා - ලිස්ට් එකේ JVP අය නෑ කිව්වෙ නෑ" - රංජන්

කොකේන් මත්ද්‍රව්‍ය භාවිතා කරන කැබිනට් අමාත්‍යවරයකු සම්බන්ධ වීඩියෝවක් ද තමන් සතුව ඇති බව අමාත්‍ය රංජන් රාමනායක මහතා පවසයි.

මේසය මත කොකේන් මත්ද්‍රව්‍ය ඇති ආකාරයත් කැබිනට් අමාත්‍යවරයකු බිම වැටී සිටින ආකාරයත් එම වීඩියෝවේ සටහන්ව ඇති බවයි රාමනායක මහතා ප්‍රකාශ කළේය.

"සමහර මගේ ළඟ වීඩියෝ තියෙනවා. ටේබල් එක උඩ ලයින් එක තියෙනවා, කැබිනට් ඇමතිවරයෙක් බිම වැටිලා ඉන්නවා. ඉතිං ඒගොල්ලො ඇවිල්ලා කියයි "ටේබල් එක උඩ තියෙන්නෙ පිටි, ඇඳ නැති නිසා මම පොඩ්ඩක් බිම බුදියාගත්තා" ඔය වගේ කතා ලෝයර්ස්ලා කියයි" යනුවෙන් ඒ මහතා සඳහන් කළේය.

එසේම ජනතා විමුක්ති පෙරමුණේ අය සම්බන්ධයෙන් කොකේන් චෝදනා නැතැයි තමුන් ප්‍රකාශ නොකළ බව පැවසූ අමාත්‍යවරයා කලින් ජනතා විමුක්ති පෙරමුණේ සිටි දෙදෙනෙක් ද මෙම ලැයිස්තුවේ සිටින බව අවධාරණය කළේය.

ඒ අනුව තම ලැයිස්තුවේ දැනට පොදු විපක්ෂයේ මන්ත්‍රීවරුන් 14 දෙනෙක්, එක්සත් ජාතික පක්ෂයේ පස් හය දෙනෙක් සහ විමල් වීරවංශ මහතාගේ පක්ෂයෙහි දෙදෙනෙක් සිටින බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad