බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරට ලක් කර පළා යාමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ ගේ පුත්‍රයා වන රනිෂ්ක අලුත්ගමගේ, කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී දුමින්ද ආටිගල සහ ඩිෆෙන්ඩර් රථය පැදවූ ප්‍රභූ ආරක්ෂක අංශයේ පොලිස් අධිකාරීවරයෙකුගේ පුත්‍රයෙකු මෙන්ම එම රථයේ හිමිකරු සහ තවත් අයෙකු ද සිටින බවයි පොලිසිය සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් මොවුන් අද (25) අලුත්කඩේ අංක තුන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ඊයේ (24) සිදුවූ මෙම අනතුරෙන් තුවාල ලැබූ බොරැල්ල පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා තවමත් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.
Monday, February 25, 2019
බොරැල්ලේ OIC හැප්පුවට අලුත්ගමගේගේ පුතත් අල්ලයි
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment