කතරගමට පිරිසිදු පානීය ජලය ලබාදීමට ප්‍රතිආශ්‍රැතකරණ ජල පද්ධති 06 ක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, March 20, 2019

කතරගමට පිරිසිදු පානීය ජලය ලබාදීමට ප්‍රතිආශ්‍රැතකරණ ජල පද්ධති 06 ක්

කතරගමට පිරිසිදු පානීය ජලය ලබාදීමට ප්‍රතිආශ්‍රැතකරණ ජල පද්ධති 06 ක්

දිවයිනේ නන්දෙසින් ඓතිහාසික කතරගම පුදබිමට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ සහ ඒ අවට ප්‍රදේශවල ජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරාලමින් ස්ථාපනය කරන ලද ප්‍රතිආශ්‍රැතකරණ ජල පද්ධති 06 ක් ජනතා අයිතියට පවරාදීම ඊයේ (19) සහ අද (20) දෙදින සිදු විය.

කතරගම පුදබිමට පැමිණෙන බැතිමතුන් සහ ඒ අවට ප්‍රදේශවල ජනතාව මුහුණ දී සිටී දීර්ඝකාලීන ගැටලුවක් වූ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරාලමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි වකුගඩු රෝග නිවාරණ ජාතික වැඩසටහන යටතේ මෙම ප්‍රතිආශ්‍රැතකරණ ජල පද්ධති ඉදිකිරීමට පියවර ගැනිණි.

පසුගියදා කතරගම පුදබිම වැද පුදා ගැනීමට ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙතින් කතරගම මහා දේවාලයේ වැඩ බලන බස්නායක නිළමේ දිල්රුවන් රාජපක්ෂ මහතා ද මේ පිළිබඳව ඉල්ලීමක් සිදු කළේය.

ඒ අනුව කතරගම පුදබිම තුළ සහ ඒ අවට විහාරස්ථාන සහ පාසල් කේන්ද්‍රකර ගනිමින් ප්‍රතිආශ්‍රැතකරණ ජල පද්ධති 12 ක් ස්ථාපනය කිරීමට පියවර ගෙන තිබෙන අතර ඉන් ජල පද්ධති 06 ක කටයුතු අවසන් කර අද මෙලෙස ජනතා අයිතියට පවරාදීම සිදු විය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයක් අනුව ගොඩනංවන ලද ජාතික වකුගඩු අරමුදලේ රුපියල් මිලියන 437ක ප්‍රතිපාදන යොදවමින් අනුරාධපුර මහ රෝහලට අනුබද්ධව ඉදිකරන ලද මෙත්සිරි සෙවණ වකුගඩු රෝගි සහන සත්කාර සුබසාධන හා පර්යේෂණ මධ්‍යස්ථාන ජනතා අයිතියට පවරාදීම සහ 600 වන ප්‍රතිආශ්‍රැතකරණ ජල පද්ධතිය ඉසුරුමුණිය විහාරස්ථානයේ දී විවෘත කිරීම අද පෙරවරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු වූ අතර ඊට සමගාමීව කතරගම පුදබිමේ සහ ඒ අවට ස්ථාපනය කළ ජල පද්ධති විවෘත කිරීම දහම් සිරිසේන මහතා අතින් සිදු විය.

No comments:

Post a Comment

Post Bottom Ad