විදුලි කප්පාදුව තවත් දින 10ක් - විදුලි කප්පාදුව සිදුකරන වෙලාවල් මෙන්න - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, March 24, 2019

විදුලි කප්පාදුව තවත් දින 10ක් - විදුලි කප්පාදුව සිදුකරන වෙලාවල් මෙන්න

විදුලි කප්පාදුව තවත් දින 10ක් - විදුලි කප්පාදුව සිදුකරන වෙලාවල් මෙන්න

දැනට පවතින විදුලි කප්පාදුව තවත් දින 10ක් තුළදී සම්පූර්ණයෙන්ම යථා තත්වයට පත් කිරීමට පියවර ගන්නා බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

අද (25) සිට දෛනික විදුලි කප්පාදුව සිදුකෙරෙන වෙලාවන් ලංකා විදුලිබල මණ්ඩලය විසින් දන්වා ඇත.

ඒ අනුව උදෑසන 8.30 සිට 11.30 දක්වාත්, පෙරවරු 11.30 සිට පස්වරු 2.30 දක්වාත්, ප්‍රදේශ කිහිපයකට විදුලි සැපයුම අත්හිටවනු ඇති.

එමෙන්ම පස්වරු 2.30 සිට 5.30 දක්වාත්, පස්වරු 6.30 සිට 7.30 දක්වා හෝ පස්වරු 7.30 සිට රාත්‍රී 8.30 සහ රාත්‍රී  8.30 සිට රාත්‍රී 9.30  දක්වා විදුලි සැපයුම අත්හිටුවීමට සිදුවන බව විදුලිබල මණ්ඩලය සඳහන් කළේය.

නොරොච්ච්ලේ විදුලි බලාගාරයේ ඇතිවූ බිඳවැටීම මෙන්ම මේ දිනවල පවතින අධික උෂ්ණ කාලගුණය නිසා විදුලි ඉල්ලුම 15%කින් පමණ වැඩිවීම ද මෙම විදුලි කප්පාදුවට බලපා ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේය.

රටේම පවතින වායු සමීකරණ භාවිතය සීමා කිරීමට සහ දිනකට විදුලි බුබුළු දෙකක් භාවිතය අඩු කිරීමට හැකි නම් මේ තත්වයෙන් ගොඩ ඒමට හැකි බව ද අමාත්‍යවරයා පැවසීය.

මේ සම්බන්ධයෙන් සඳුදා (අද) විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බවත් ඉන් අනතුරුව විදුලි කප්පාදුව සම්බන්ධයෙන් දැනුම් දීමක් සිදු කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

එමෙන්ම මේ වනවිට ස්වභාවික වායු බලාගාර (LNG) දෙකක් සහ මෙගාවොට් 194ක සූර්ය බලාගාර සඳහා අවසර ලබාදී ඇති බව පැවසූ අමාත්‍යවරයා ඉදිරියේදී මෙවන් තත්වයක් ඇති නොවීමට වගකීමෙන් යුතුව කටයුතු කරන බවත් අවධාරණය කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad