Loading...
අධික වේගය, බීමත්ව රිය පැදවීම, දුම්රිය සංඥා නොතකා රිය ධාවනය ඇතුළු වැරදි හතකට එරෙහිව රුපියල් විසිපන්දහසේ දඩය පැනවීම සඳහා රජයේ අවධානය යොමුවී ඇති බව ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය ඇමැති අශෝක් අබේසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (25)දා* ප‍්‍රකාශ කළේය.
මෙවැනි වැරදි සම්බන්ධයෙන් රුපියල් විසිපන්දහසක දඩයක් පැනවීමට මීට පෙර යෝජනා වුවද එම දඩය වැඩිකළේ රුපියල් තුන්දහසික් පමණක් බවද නියෝජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.
එහෙත් සිදුවන රිය අනතුරු හේතුවෙන් දිනකට පුද්ගලයින් අටදෙනකු මිය යන බවත් මෙය බරපතළ තත්ත්වයක් බවත් ඇමැතිවරයා සඳහන් කළේය.
දෛනිකව සිදුවන රිය අනතුරු සංඛ්‍යාව අවම කිරීම, මහජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීම වෙනුවෙන් මෙවැනි වැරදි සම්බන්ධ දඩ මුදල වැඩිකළ යුතු බවත් මහමඟ සිදුවන අනතුරු හේතුවෙන් මිය යන සංඛ්‍යාව වසර තිහක යුද්ධයෙන් මියගිය සංඛ්‍යාවටත් වඩා වැඩි බවත් ඇමැතිවරයා සඳහන් කළේය.
එමෙන්ම පොදු ප‍්‍රවාහන සේවය සුරක්ෂිත කිරීම වෙනුවෙන් වත්මන් රජය වැඩසටහන් රැ\සක් ක‍්‍රියාවට නංවා ඇති අතර මෙම වසරේදී බස්රථ 2000ක් ආයනයනය කිරිමට අපේක්ෂා කරන බවද හෙතෙම සඳහන් කළේය.

අජිත් අලහකෝන් , අකිත පෙරේරා Divaina
No comments:
Post a Comment