විදුලිය කප්පාදුව කරන්නේ ජනතාව පීඩාවට පත් කර වැඩි මිලට පෞද්ගලික අංශයෙන් විදුලිය ලබා ගැනීමට යැයි ලංකා විදුලි සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් රංජන් ජයලාල් මහතා ‘දිවයින’ට පවසා ඇත.
විදුලිබල මණ්ඩලය ආරම්භ කර ලබන නොවැම්බර් 01 වැනිදාට වසර 50 ක් සම්පූර්ණ වන බවත්, එම වසර 50 තුළ විදුලි බලාගාර හදනවාට වඩා ප‍්‍රචාරක බෝඞ් ලෑලිවලට මණ්ඩලය වියදම් කර ඇති බවත් ඒ මහතා කීය.
විදුලිය කප්පාදුවට පෙර සෑම වර්ෂයකම ඉදිරි වසර සඳහා විදුලිය ඉල්ලූම, ලබාදිය හැකි සැපයුම, නියඟයක් ඇති වනවා ද ඇතුළු කරුණු රැසක් ගැන අවධානය යොමු කර සැලසුම් සකස් කරන බවත් එවැනි කිසිදු සැලසුමක් අනුව කි‍්‍රයා නොකිරීම නිසා මෙම තත්ත්වය ඇතිව තිබෙන බවත් ජයලාල් මහතා කීය.
පාර්ලිමේන්තුවේ විදුලි සෝපානයක් අකී‍්‍රය වීම නිසා එහි සියලූ සෝපාන අලූතෙන් ගැනීමට තීරණය කරන රජය කාලයක සිට විදුලි අර්බුදය පැවතිය ද ඊට නිසි විසඳුමක් ලබා දීමට අපොහොසත් වූයේ විදුලි මාෆියාව කි‍්‍රයාත්මක කිරීමට ඇති අවශ්‍යතාව නිසා බවත් ඒ මහතා කීය.
විදුලි කප්පාදු කිරීමෙන් රටේ ඉහළම තැන සිට මැති ඇමැතිවරුන් ඇතුළු ඉහළ පැළැන්තියට බලපෑමක් ඇති නොවන බව ද එහි විපාකය විඳීමට සිදු වන්නේ ඡන්දය ලබාදුන් ජනතාවට බව ද රංජන් ජයලාල් මහතා වැඩිදුරටත් කීය.
Monday, March 25, 2019
විදුලිය කප්පාදු කරන්නේ පෞද්ගලික අංශයෙන් වැඩි මිලට විදුලිය ගන්නයි?
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment