අලුගෝසු (වධක) තනතුරු සඳහා සුදුසු පුද්ගලයින් දෙදෙනෙකු තෝරා ගැනීමට නියමිතය. වධක තනතුර සඳහා තෝරා ගැනෙන සුදුස්සන් දෙදෙනා වැලිකඩ බන්ධනාගාරයේ සේවයට යෙදවීමට නියමිත බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය පවසයි.
බදවා ගැනීමේ සම්මුඛ පරික්ෂණ ලබන 27 සහ 28 යන දිනයන්හි පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර බන්ධනාගාර දෙපාර්තමේන්තුවේදී එම සම්මුඛ පරික්ෂණ පැවැත්වීමට නියමිතය.
ඇමෙරිකානු ජාතික කාන්තාවන් දෙදෙනකු ඇතුළු පුද්ගලයින් 102ක් අලුගෝසු තනතුරු සඳහා අයැදුම්කර තිබූ අතර ඒවා සළකා බැලීමෙන් අනතුරුව සම්මුඛ පරීක්ෂණ සඳහා අයදුම්පත් 79ක් තෝරාගෙන තිබේ. මෙම තනතුර සඳහා ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් අයදුම්පත් කැඳවා තිබූ බැවින් ඇමරිකානු ජාතිකයාගේ අයදුම්පත ප්‍රතික්ෂේප වී ඇති අතර පිරිමි අය පමණක් මේ සඳහා බඳවා ගන්නා බැවින් කාන්තාවන් දෙදෙනාගේ අයදුම්පත්ද ප්‍රතික්ෂේප විය.
Wednesday, March 20, 2019
අලුගෝසුවන් දෙදෙනෙක් වැලිකඩ රාජකාරියට !
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment