පාතාල හිතැති පොලිස් ලොක්කෙක් මාරු කිරීමෙන් චන්ද්‍රිකා කිපේ,‘මේවා අරූගෙ වැඩ,මං බලාගන්නම්’ ගුගුරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, March 20, 2019

පාතාල හිතැති පොලිස් ලොක්කෙක් මාරු කිරීමෙන් චන්ද්‍රිකා කිපේ,‘මේවා අරූගෙ වැඩ,මං බලාගන්නම්’ ගුගුරයි

Loading...
ගම්පහ පාතාල නායකයෙකු වන පස් පොඞ්ඩා ඇතුළු පාතාල නායකයන්ට වක‍්‍රාකාරයෙන් රැකවරණය දුන් බව කියන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ මාරුව අවලංගු කිරීමට හිටපු දේශපාලන බලවන්තියක් දැරූ උත්සාහයක් ව්‍යර්ථ විය.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වහාම ක‍්‍රියාත්මක වන පරිදි මාරු කර ඇත්තේ පොලිස්පතිවරයාට ලැබුණු ඉහළ නියෝගයකට අනුවය ඔහු ගම්පහ රාජකාරි කළ සමයේදී පාතාල නායකයෙකු වන පස් පොඞ්ඩා ඇතුළු පාතාල සාමාජිකයන්ට රැකවරණය ලබා දුන් බවට චෝදනා නැගී තිබිණ,
ප‍්‍රදේශයේ දේශපාලනඥයන්ගේ උවමනාව වන පාතාල ක‍්‍රියාකාරකම් වලට නිරන්තර රැකවරණය ලබා දුන් මෙම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට ස්ථාන මාරුව ලැබීමත් සම`ග ප‍්‍රදේශයේ හිටපු මන්ත‍්‍රීවරයෙකු මගින් හිටපු බලවන්තිය මුණ ගැසී තිබේ.
ඒ ස්ථාන මාරුව අවලංගු කර ගැනීම සදහාය.ඇය ඉදිරියේදීම පොලිස්පතිවරයාට දුරකථන ඇමතුමක් ලබා ගෙන ඇතත් පොලිස්පතිවරයා ඇයටද පවසා ඇත්තේ එය ඉහළ නියෝගයක් බැවින් අවලංගු කළ නොහැකි බව පොලිස්පතිවරයා පවසා ඇත.
පොලිස්පතිවරයාගේ පිළිතුරෙන් පරල වී ඇති හිටපු බලවතිය ‘මේවා ඔක්කොම අරූගෙ වැඩ මම බලාගන්නම්කො මූව ගෙනාවට මට ගහන්න ඕනෑ’ යැයි කියමින් දුරකථනය විසන්ධි කර ඇත.
-lankasinhalanews

No comments:

Post a Comment

Post Bottom Ad