විශාලම මත්කුඩු තොගයට සම්බන්ධ අයගේ නම් එළියට - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, March 2, 2019

විශාලම මත්කුඩු තොගයට සම්බන්ධ අයගේ නම් එළියට

විශාලම මත්කුඩු තොගයට සම්බන්ධ අයගේ නම් එළියට

ඉකුත් 23වන දින මෙරටින් සොයාගත් විශාලතම හෙරොයින් මතුකුඩු තොගයේ ජාවාරම මෙහෙයවා ඇත්තේ ‘කිරුළපන මොරිල්’ හා ‘කොස්ගොඩ සුජී’ ඇතුළු ප්‍රධානපෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පස්දෙනෙකු බව විමර්ශනවලදී හෙළි වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.මෙම මත්කුඩු තොගයේ ජාවාරම මෙහෙයවූ පුද්ගලයන් පස්දෙනා ඩුබායිහි සැඟවී සිටින බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

 ශ්‍රී ලංකාවෙන් අත්අඩංගුවට ගත් විශාලම මත්කුඩු තොගයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් වන්නේ කොස්ගොඩ සුජී හා කිරුළපන මොරිල් ඇතුළු පස් දෙනෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි.

ඒ අනුව ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ ඉල්ලීම මත වරෙන්තු නිකුත් කළ බවත්, ඉදිරියේදී ජාත්‍යන්තර පොලිසිය හරහා ඔවුන්ට නිල් නිවේදන ලබාගැනීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය.

මෙම සැකකරුවන් මේ වන විට ඩුබායිහි සැඟවී සිටින බවට පොලීසියට තොරතුරු හෙළිවී තිබේ. මෙම මත්කුඩු තොගයට අදාළව අත්අඩංගුවටපත් සැකකරුවන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව එළැඹෙන 15 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad