එජාප පසුපෙලෙන් අගමැතිට චෝදනා - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, March 20, 2019

එජාප පසුපෙලෙන් අගමැතිට චෝදනා

එජාප පසුපෙලෙන් අගමැතිට චෝදනා

එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ වැඩපිළිවෙළ එහි නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් විනාශ කළ බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පවසයි.

ජනහමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

“අපි කිව්වා ජනාධිපති වැය ශීර්ෂය පරාජය කරනවා කියලා. අපේ නායකයා ආයේ කොහොමහරි මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයා ‌බේරා ගත්තා. අපේ නායකයත් එක්ක අපි තරහා නෑ. රනිල් වික්‍රමසිංහ මහත්තයා ඒ වෙලාවේ හොඳ දෙයක් කරයි කියලා ජනතාව දකිනවා. අපිත් හිතනවා. රනිල් වික්‍රමසිංහ නායකතුමා අවසාන මොහොතේ පසුපෙළේ අපේ හඬ, අපේ වැඩපිළි‌වෙල කඩලා බිඳලා විනාශ කළා. හැබැයි අපේ හෘද සාක්ෂියට එකඟව රටේ ප්‍රජාතන්ත්‍රවායදට එරෙහිව, 62 ලක්ෂයක ජනතා මතයට පයින් ගහපු එකේ වැඩපිළිවෙළට එරෙහිව කටයුතු කළා කියලා අපිට සතුටක් තිබෙනවා”

No comments:

Post a Comment

Post Bottom Ad