නව සන්නිවේදන රෙගුලාසි පෝස්ටුව අසත්‍යයලු - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, March 1, 2019

නව සන්නිවේදන රෙගුලාසි පෝස්ටුව අසත්‍යයලු

නව සන්නිවේදන රෙගුලාසි පෝස්ටුව අසත්‍යයලු

නව සන්නිවේදන රෙගුලාසි අනුව ශ්‍රී ලංකාවේ සියලුම දුරකතන ඇමතුම්  පටිගත වන බවට මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන තොරතුරුවල කිසිම සත්‍යතාවක් නොමැති බව ශ්‍රී ලංකා පරිවර්තන සමූහය සඳහන් කරයි.

මෙම තොරතුරුවල දැක්වූයේ ජනතාව ලබාගන්නා සියලුම දුරකථන ඇමතුම් පටිගතවන බවත් සමාජ මාධ්‍ය යෙදවුම් හරහා යවන පණිවිඩ සියල්ලම පාහේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය යටතේ අධීක්ෂණය කරන බවත්ය.

කෙසේ වෙතත් මෙම ව්‍යාජ පුවත ජනතාව නොමග යැවීමට යම්කිසි පිරිසක් විසින් දරනා උත්සායක් බවද පරිවර්තන සමූහය පවසයි.

“සමාජ මාධ්‍ය යෙදුම් හරහා ජනතාව හුවමාරු කරගන්නා පණිවිඩ කිසිදු විටෙකත් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය විසින් අධීක්ෂණයට ලක් නොකරන බවත් ඒ සඳහා අවශ්‍ය තාක්ෂණය හෝ පහසුකම් මෙරට නොමැති බවත් එසේ සමාජ මාධ්‍ය අඩවි මගින් හුවමාරු වන පණිවිඩ චායාරූප වීඩියෝ ඇතුළු දත්ත සියල්ලම අධීක්ෂණය කිරීමට එම සමාජ මාධ්‍ය ජාලවල අනුමැතිය ශ්‍රී ලංකා රජයට ලබාදී නොමැති බවත් ඉතාමත් වගකීමකින් යුක්තව ශ්‍රී ලංකා පරිවර්තන සමුහය ලෙස ප්‍රකාශ කරමු.”

No comments:

Post a Comment

Post Bottom Ad