මන්නාරම සමූහ මිනීවළේ කැනීම් මාස තුනකට නවත්වයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, March 23, 2019

මන්නාරම සමූහ මිනීවළේ කැනීම් මාස තුනකට නවත්වයි

මන්නාරම සමූහ මිනීවළේ කැනීම් මාස තුනකට නවත්වයි

මන්නාරම සමූහ මිනී වළේ කැණීම් කටයුතු තවත් මාස තුනක කාලයක් සඳහා අත් හිටුවීමට මන්නාරම මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බව විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී සමින්ද රාජපක්ෂ මහතා පවසයි.

 මේ සම්බන්ධයෙන්  මන්නාරම අධිකරණයේදී පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹ ඇත.

මන්නාරම සමූහ මිනී වළේ අස්ථි සාම්පල කිහිපයක් සම්බන්ධ කාබන් කාල නීර්ණ වාර්තාව මාධ්‍ය වෙත ප්‍රසිද්ධ කිරීමෙන් අනතුරුව කැණීම් කටයුතු තාවකාලිකව නතර කිරීමට මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ පසුගිය මාර්තු 08 වනදාය. ඒ අනුව එම නියෝගය පසුගිය (22) සිට තවත් මාස තුනක කාලයක් සඳහා දීර්ඝ වී තිබේ.

දැනට කැණීම් මඟින් මතුකරගෙන ඇති, තවමත් ගොඩ නොගත් අස්ථි කොටස් මාස තුනක් විවෘතව තැබීමෙන් ඒවාට හානි සිදුවිය හැකි නිසා ඒවා ද යළි පස් යොදා වසා දැමීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බව ද වෛද්‍ය සමින්ද රාජපක්ෂ මහතා පැවසීය.

එසේම මෙම කැණීම්වලට සම්බන්ධ වූ මහාචාර්ය රාජ් සෝමදේව මහතා ඇතුළු කණ්ඩායමේ පුරාවිද්‍යා වාර්තාව ද මාස තුනක් තුළ අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad