ගුරුවරියගේ කනට ගැසූ ගුරුවරයා ප්‍රදේශයෙන් පලා ගිහිල්ලා - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, March 1, 2019

ගුරුවරියගේ කනට ගැසූ ගුරුවරයා ප්‍රදේශයෙන් පලා ගිහිල්ලා

Loading...
විලච්චිය, ඇත්දල්කල්ල රාහුල විද්‍යාලයේ 53 හැවිරිදි ගුරුවරියකට කනට පහරදී බරපතළ තුවාල සිදුකර පලාගොස්‌ ඇතැයි කියන එම ප්‍රදේශයේම පාසලක සේවය කරන ගුරුවරයකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කටයුතු ආරම්භ කොට ඇතැයි විලච්චිය පොලිසිය පැවසීය.

 පහර කෑමෙන් බරපතළ තුවාල ලබා ඇත්තේ විලච්චිය, ඇත්දල්කල්ල රාහුල විද්‍යාලයේ ගීතා රංගනී ෙµdන්සේකා (53) නැමැති අවිවාහක ගුරුවරියකි. මෙම ගුරුවරිය මේ වනවිට අනුරාධපුර ශීක්‍ෂණ රෝහලේ ප්‍රතිකාර ලබති.

විලච්චිය සිද්ධාර්ථ විද්‍යාලයේදී පසුගිය 26 වන දින පාසල් කිහිපයක්‌ අතර පැවැති ක්‍රීඩා තරග අතර තුරදී සාලියමාලා පාසලේ ක්‍රීඩා ගුරුවරයකු විසින් මෙම ගුරුවරියට පහරදී ඇතැයි මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වන විලච්චිය පොලිසිය කියයි.

 පහර කෑමට ලක්‌ව අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන ගීතා රංගනී ෙµdන්සේකා (53) මහත්මිය මෙසේ පැවසුවාය.

 විලච්චිය කොට්‌ඨාසයේ පාසල් දහයක දරුවන් සහභාගි වූ ක්‍රීඩා උත්සවයක්‌ විලච්චිය සිද්ධාර්ථ විද්‍යාලයේදී පසුගිය 26 වැනිදා පැවැත්වුණා. මමත් එම ක්‍රීඩා උත්සවයට සහභාගී වුණා. මමත් ක්‍රීඩා පිටියේ ක්‍රීඩා උත්සවයේ රාජකාරීවල නිරත වෙලයි හිටියේ.

 මට පහර දුන්න මේ ගුරුවරයා අපි ක්‍රීඩා පිටියේ රැඳී ඉන්නවාට කැමැත්තක්‌ දැක්‌ වුයේ නැහැ. ඔහු අපි කිහිප දෙනකුට ක්‍රීඩා පිටියෙන් ඉවත් වෙන්න කියලා නිතර බලපෑම් කළා. අපි ඊට එක`ග වුණේ නැහැ. පසුව එක පාරටම මේ පුද්ගලයා සියලු දෙනා ඉදිරියේදීම මට පහර දුන්නා.

 කනට එල්ල වූ පහරින් කන් කැක්‌කුම ඇති වුණා. කන් ඇහෙන්නේ නැතිව ගියා. පසුව මම මෙදිනම විලච්චිය රෝහලට ඇතුළත් වුණා. විලච්චිය රෝහලින් වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට එවූ බවද ඇය පැවසුවාය.

 සිද්ධිය සම්බන්ධයෙන් අප විලච්චිය පොලිස්‌ ස්‌ථානාධිපති වසන්ත කුමාර මහතාගෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියේ සැකකාර ගුරුවරයා ප්‍රදේශයෙන් පලා ගොස්‌ ඇති බවයි. ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස්‌ නිලධාරීන් කණ්‌ඩායමක්‌ යොදවා ඇති බවද පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා පැවසීය.
-Divaina

No comments:

Post a Comment

Post Bottom Ad