විල්පත්තු ප්‍රචාර ගැන පරීක්ෂණයක් ඉල්ලයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, March 25, 2019

විල්පත්තු ප්‍රචාර ගැන පරීක්ෂණයක් ඉල්ලයි

විල්පත්තු ප්‍රචාර ගැන පරීක්ෂණයක් ඉල්ලයි

විල්පත්තු වන සංහාරයක් පිළිබඳව නැගෙන විරෝධතා වැඩපිළිවෙළ  ජනාධිපතිවරයා ඉලක්ක කරගත් එකක් බවට සැකයක් ඇතැයි ද රජය ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කළ යුතු යැයි ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.

විල්පත්තුවේ නැවත පදිංචි කිරීම් සිදුවූයේ 2012 රාජපක්ෂ ආණ්ඩුව සමයේ යැයි ද හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඒ ගැන ප්‍රකාශයක් කර ඇතැයි ද ජයසේකර මහතා කීවේය.
 
එසේ තිබියදී සමාජ ජාලා මාධ්‍ය මගින් ව්‍යාජ පුවත් ප්‍රචාරය කෙරෙන්නේ යැයි චෝදනා කළ හෙතෙම පැහැදිළිවම එය අමු කැලෑ ගිනි තබන පන්නයේ දේශපාලන ව්‍යාපෘතියක් යැයි අවධාරණය කර කීය.
 
විල්පත්තු වනයේ මේ වනවිට කිසිදු නැවත පදිංචි කිරීමක් හෝ කැලෑ කැපීමක් සිදු නොවන්නේ යැයි ද එනිසා මේ තත්ත්වය සම්බන්ධයෙන් රජය සම්පූර්ණ කරුණු දැක්වීමක් රට හමුවේ කළ යුතු යැයි ද ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය. 

No comments:

Post a Comment

Post Bottom Ad