ජනාධිපතිවරයා පෙරේදා (21 දා) ගමන් කිරීමට නියමිත වූ මාර්ගයේ කෙසෙල් පැළ 4 ක් සිටවූ තරුණයකු අරලගංවිල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඊයේ (22 දා) මනම්පිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 05 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇත.
අරලගංවිල විජයබාපුර පදිංචි ආර්. එම්. සරත් රත්නායක නමැති තරුණයා විජයබාපුර සිට අරලගංවිල දක්‌වා පාර අබලන් වී අධික දූවිලි සහිත මාර්ගයක් වීම නිසා ජනාධිපතිවරයාගේ අවධානය යොමු කිරීමේ අදහසින් කෙසෙල් පැළ 4 ක් මාර්ගය මැද සිටුවා ඇත. එම සිද්ධිය අරලගංවිල පොලිසියේ නිලධාරියකු දැකීමෙන් පසු එම සැකකාර තරුණයා අත්අඩංගුවට ගෙන තිබේ.
මනම්පිටිය මහෙස්‌ත්‍රාත් එස්. අසේල ද සිල්වා මහතා විසින් එම තරුණයා ලබන 05 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.
Saturday, March 23, 2019
අබලන්වූ මාර්ගයට අවධානය යොමු කරවන්න ජනපති යන පාරේ කෙසෙල් පැළ සිටවූ තරුණයා රිමාන්ඩ්
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment