ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ පැවැත්වෙන අන්තර් පළාත් එක්දින ක්‍රිකට් තරගාවලියට ලසිත් මාලිංග ක්‍රීඩා කරන නිසා ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරඟාවලියේ පළමු තරඟ හය ඔහුට අහිමි වෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරන පරිදි සෑම ක්‍රීඩකයෙකුම එළඹෙන සුපිරි අන්තර් පළාත් එක්දින ක්‍රිකට් තරඟාවලිය ක්‍රීඩා කළ යුතු ය.
ලසිත් මාලිංග ශ්‍රී ලංකා වත්මන් එක්දින නායකයා පමණක් නොව, අන්තර් පළාත් එක්දින ක්‍රිකට් තරඟාවලියේ ගාල්ල නායකයා ලෙස ද නම් කර තිබේ. මෙම අන්තර් පළාත් එක්දින ක්‍රිකට් තරඟාවලිය අප්‍රියෙල් 4 සිට අප්‍රියෙල් 11 දක්වා පැවැත්වෙන අතර, තරඟාවලිය ආරම්භ වීමට දින කිහිපයකට පෙර පුහුණුවීම් කිරීමට අපේක්ෂා කරන බවයි ලසිත් මාලිංග cricinfo වෙබ් අඩවියට සඳහන් කර සිටියේ.
එම වෙබ් අඩවියට වැඩිදුරටත් අදහස් දැක්වූ ලසිත් මාලිංග :
" අයි.පී.එල්. තරගාවලිය සඳහා මට නොකැඳීමේ සහතිකය අධ්‍යක්ෂක මණ්ඩලයෙන් මම ඉල්ලා සිටියා. ඔවුන් කීවා හොඳයි. නමුත් ලෝක කුසලාන තරගාවලියට යාමට කැමති සියලු ක්‍රීඩකයන්ට පළාත් මට්ටමේ තරඟාවලිය සඳහා ක්‍රීඩා කිරීම අවශ්‍යයි කියා."
"මම පළාත් තරඟාවලියේ සෙල්ලම් කරන්නම් කියලා කිව්වා මුම්බායි ඉන්දියානුවන්ට සහ අයි.පී.එල් එකට දැනුම් දෙන්න කියලා. මම තීරණය කළේ ඒ නිසා. මට IPL ක්‍රීඩා කර හම්බෙන සල්ලි වලට වඩා රට වෙනුවෙන් සෙල්ලම් කරන එක වටිනවා. "
"මට මුම්බායි ඉන්දියන්ස් වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ඇති තරඟ හතක් හෝ අටක් අහිමි වෙනවා. ඒ නිසා මා වෙනුවට වෙනත් අයෙකු සොයා ගැනීම සඳහා ඔවුන් උත්සහ කරනවා."
මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා මහතා කියා සිටියේ මාලිංග "සුපිරි පළාත් තරගාවලිය" වෙනුවෙන් සිය උනන්දුවක් ප්‍රකාශ කර ඇති බවයි.
2018 IPL ක්‍රීඩා නොකළ වුවද, මාලිංග ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභියා වනවා.
Saturday, March 23, 2019
ලසිත් මාලිංග ලංකාව වෙනුවෙන් ලොකු තීරණයක් ගනියි - IPL එකත් නැති කර ගැනීමේ උත්සහයක්
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment