UNHRC ප්‍රධාන යෝජනා ලංකාව ප්‍රතික්ෂේප කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, March 20, 2019

UNHRC ප්‍රධාන යෝජනා ලංකාව ප්‍රතික්ෂේප කරයි

UNHRC ප්‍රධාන යෝජනා ලංකාව ප්‍රතික්ෂේප කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැචලේ විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සකස් කළ වාර්තාව අද (20) නිල වශයෙන් සභාගත කිරිමට කටයුතු කළේය.

ශ්‍රී ලංකාවේ යුද්ධයෙන් පසුව සංක්‍රාන්ති යුක්තිය ඉටුකිරීමට නිශ්චිත කාලරාමුවක් ස්ථාපත කරන ලෙස ඇය එහිදී සිය වාර්තාව ඉදිරිපත් කරමින් සඳහන් කළාය.

නිදහස් සත්‍ය හා ප්‍රතිසංධාන කොමිසමක් ඉදිරිපත් කිරිමට අවශ්‍ය නීති සම්පාදනය කිරිම මීළඟ වැදගත් පියවර ලෙස ඇය සඳහන් කළාය. ශ්‍රී ලංකාවේ ප්‍රතිසංවිධානය ප්‍රවර්ධනය කිරීම, වගවීම හා මානව හිමිකම් යන මැයෙන් ඇය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිය වාර්තාව ඉදිරිපත් කළාය.

ශ්‍රී ලංකාවේ සාමය ගොඩ නැගීම සඳහා අඛණ්ඩව සහාය දක්වන බවත් ඇය පැවැසුවාය. එසේම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ 30/1 යෝජනාව හා 34/1 යෝජනාවේ සඳහන් කරුණු තවමත් ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කිරීමට තිබෙන බවත් ඇය සඳහන් කළාය.

එසේම ශ්‍රී ලංකාව විසින් අතුරුදන් වූවන්ගේ කාර්යාලය ස්ථාපිත කිරීම අගය කිරිමට කටයුතු කළ ඇය වන්දි ගෙවීමේ කාර්යාලය ස්ථාපිත කරන ලෙසද සඳහන් කළය. ආරක්ෂක අංශ සතුව පවතින ඉඩම් නිදහස් කිරීමට කටයුතු කිරිම අගයකිරිමටත් ඇය කටයුතු කළාය.

යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත්කිරිම පත්කිරීම ජාත්‍යන්තර මානුෂීය නීතිය කඩ කිරීමක් ලෙස ඇය සදහන් කළාය.

ඇය වාර්තාව ඉදිරිපත් කිරීමෙන් පසුව ශ්‍රී ලංකාව වෙනුවෙන් කරුණු දැක්වූ විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා මහකොමසාරිස්වරිය සඳහන් කළ ප්‍රධාන කරුණු කිහිපයක්ම ප්‍රතික්ෂේප කළේය.

ඒ අතර මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයක් ලංකාවේ ස්ථාපිත කිරීමේ යෝජනාව ඔහු ප්‍රතික්ෂේප කළ අතර ශ්‍රී ලංකාවේ දශක ගණනාවක් පැරණි සංවේදි හා සංකිර්ණ ගැටලු විසඳීම සඳහා කාලරාමුවක් ලබාදීම යුක්ති සහගත නොමැති බව ඔහු ප්‍රකාශ කළේය.

සෛවරී රටක් ලෙස ශ්‍රී ලංකාව තමන්ගේ ජනතාවගේ සුබ සාධනය වෙනුවෙන් මූලිකවම කටයුතු කළ යුතුව ඇතැයි ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම සමග සමීපව කටයුත කරන බවත් ශ්‍රී ලංකාවේ විවිධත්වය අගය කරමින්  සමාන අයිතිවාසිකම්, යුක්තිය  වැනි කරුණුවලට ගරු කරමින් සමෘධිමත් රටක් ගොඩනැගීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad