ස්වර්ණවාහිනී CEO ඉවතට - ඉවත් කළ සේවකයන් යළි සේවයට - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, March 20, 2019

ස්වර්ණවාහිනී CEO ඉවතට - ඉවත් කළ සේවකයන් යළි සේවයට

ස්වර්ණවාහිනී CEO ඉවතට - ඉවත් කළ සේවකයන් යළි සේවයට

වෘත්තිය සමිතියක් ආරම්භ කිරීමට මුල් වීම හේතුවෙන් සේවයෙන් ඉවත් කළ ස්වර්ණවාහිනී ආයතනයේ සේවකයන් 15 දෙනා නැවත සේවයට බඳවා ගැනීමටත්, එම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා සේවයෙන් ඉවත් කිරීමටත් ස්වර්ණවාහිනි ආයතනයේ පාලනාධිකාරිය එකඟ වී තිබේ.

ඒ එම ආයතනයේ වෘත්තීය සමිති නියොජිතයන් හා ආයතනයේ සභාපති ඇලෙක්ස් ලෝවෙල් මහතා අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුවය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අවසන් තීරණය සිකුරාදා දිනයේදි ලබාදෙන බවට ස්වර්ණවාහිනි පාලනාධිකාරිය සඳහන් කර ඇති අතර එදිනට ස්ථිර විසඳුමක් නොලැබෙන්නේ නම් අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව එම ආයතයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

ස්වර්ණවාහිනියේ සේවකයන් විසින් ඊයේ (18) වෘත්තිය සමිතියක් ආරම්භ කළ අතර එම වෘත්තීය සමිතිය ආරම්භ කිරීමට මුල් වී කටයුතු කළ සේවකයන් 15 දෙනෙකුගේ සේවය තහනම් කිරීමට එහි ප්‍රධාන විධායක නිලධාරීවරයා කටයුතු කිරීමත් සමග ස්වර්ණවාහිනයේ උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

ස්වර්ණවාහිනී ආයතනයේ සේවය කරන සේවකයන් 300කගෙන් 270ක පමණ පිරිසක් මෙම වෘත්තීය සමිතිය හා එක්ව තිබේ. වැඩ තහනම් කර ඇති පිරිස අතර එම වෘත්තීය සමිතියේ සභාපති, ලේකම් ඇතුළු නිලධාරී මණ්ඩලය හා ඊයේ ඔවුන් පැවැත්වූ රැස්විමේදී අදහස් ප්‍රකාශ කළ පිරිසද වන බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

සේවය තහනම් කර ඇති පිරිස පොලීසියට පැමිණිල්ලක් ගොනු කිරීමට කටයුතු කළ අතර  ඔවුන් කම්කරු කොමසාරිස් කාර්යාලය සමග සාකච්ඡාවකටද එක්විය.

සේවකයන් පිරිස යළි සේවයට බඳවා ගන්නා ලෙස බලකරමින් එම ආයතනයේ සේවයකයන් ඊයේ රාත්‍රිෙය්දී විරෝධතාවයකද නිරත විය.

No comments:

Post a Comment

Post Bottom Ad