අනුර කුමාර UNPයේ කොන්ත්‍රාත්තුවක් ඉටු කරනවා - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, March 2, 2019

අනුර කුමාර UNPයේ කොන්ත්‍රාත්තුවක් ඉටු කරනවා

අනුර කුමාර UNPයේ කොන්ත්‍රාත්තුවක් ඉටු කරනවා

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට එරේහිව කටයුතු කළ අනුර කුමාර දිසානායක මහතා 20 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් මගින් එක්සත් ජතික පක්ෂයට සේලයින් දෙන්ඩ උත්සහ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

මහින්දානන්ද අලුගමගේ මන්ත්‍රිවරයා ඒ බැව් කියා සිටියේ නාවලපිටිය රඹුක්පිටිය මධ්‍යම මහා විද්‍යාලයේ පැවති කල එලි මංගල්‍යයට සහභාගි විමෙන් අනතුරව මාධ්‍යයට අදහස් දක්වමිනි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා කියා සිටියේ විධායක ජනාධිපති බලතල අඩුකර අගමැති බලතල වැඩි කිරිමට මහින්ද රාජපක්ෂ මහතාගේ සහයෝගය ලබාගෙන එත්සත් ජාතික පක්ෂයේ නායක වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට යලිත් මේ රටේ බලතල ඇති අගමැතිවරයෙකු වශයෙන් පත් කිරිමට අනුර කුමාර දිසානායක මහතා උත්සහ කරන බවයි.

එයට කිසිසේත් එකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් ඉඩ ලබා නොදෙන බවත්, අනුර කුමාර දිසානායක මහතා  උත්සහ කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ කොන්ත්‍රාත්තුවක් ඉටු කිරිට බවත් මහින්දානන්ද අලුත්ගමගේ මහතා එහිදි පැවසිය.

No comments:

Post a Comment

Post Bottom Ad