Loading...
තමනට අගමැතිකම භාරගන්නා ලෙස 71 වතාවක් ආරාධනා ලද බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
නමුත් ජනතාවගේ මනාපයෙන් මිස වෙනත් කුමන්ත්‍රණ හරහා අගමැති වීමට තම අදහසක් නැති බව ද ඔහු සඳහන් කළේය.
කිසිදිනක තමන් එක්සත් ජාතික පක්ෂය හෝ පක්ෂ නායකත්වය පාවා නොදෙන බවත් ඇමතිවරයා කියා සිටියේය.
ඉන් අදහස් කරන්නේ තමන් තුළ අගමැතිකම හෝ ජනාධිපතිකම ගැන බලාපොරොත්තු නැති බව නොවන බවද කී ඔහු ඒ තනතුරු වලට යාමට තමන් කැමැත්තෙන් පසු වුවද ඒ යන්නේ ජනතා කැමැත්තෙන් බව ද පැවසීය.
ඇමැතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ උත්සව සභාවක් අමතමිනි.
කෙසේ වෙතත් ඇමැති සජිත් ප්‍රේමදාස පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී කියා සිටියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අගමැති කම බාර ගන්නා ලෙස තමනට 10 වතාවක් කතා කළ බවයි.
ඇමතිවරයාට අනුවම මෙම මාස 04ක කාල සීමාව ඇතුළත ඔහුට 61 වතාවක් අගමැතිකම භාරගන්නා ලෙස කතා කර තිබේ.
එනම් මාසයට 15 වතාවක් නැතහොත් අඩුම තරමින් දින දෙකකට වතාවකි. නැතොත් දිනක් හැර දිනකි.
ඒ අර්ථයෙන් ජනාධිපතිවරයා මෙම මාස හතරේදී සිදු කර ඇති ප‍්‍රධානම කාර්ය වී ඇත්තේ දින දෙකකට වතාවක් සජිත් පේ‍්‍රමදාස මහතාට අමතා අගමැති කම බාර ගන්නා ලෙස ඉල්ලීමයි.
10 වතාවක් තමනට අගමැති කම බාර ගන්නා ලෙස ආරාධනා කල බව සජිත් පේ‍්‍රමදාස මහතා කලින් කල ප‍්‍රකාශය මෙතනින්
-lankasinhakanews
No comments:
Post a Comment