"මධ්‍යම කාරක සභාව එකග නම් පොහොට්ටුවේ අපේක්‍ෂකයා ජනාධිපති කරවන්න සූදානම්."-දයාසිරි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, April 18, 2019

"මධ්‍යම කාරක සභාව එකග නම් පොහොට්ටුවේ අපේක්‍ෂකයා ජනාධිපති කරවන්න සූදානම්."-දයාසිරි

Loading...
මීළඟ ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඉදිරිපත් කරනු ලබන අපේක්ෂකයාට සහාය දීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කළහොත් එම තීන්දුව අනුව කටයුතු කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

කෙසේ වෙතත් එවන් තීන්දුවකට යන්නේ නම් ඒ ගැන ගැඹුරින් සිතා බැලිය යුතු බවද මහ ලේකම්වරයා පවසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමේ දැඩි උවමනාවක් තමන් ඇතුළු පිරිසට තිබුණද ජනාධිපතිවරයා ඊට කැමැත්ත අකමැත්ත මෙතෙක් දන්වා නැති බවද ඔහු කියා සිටියේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව පොදු සන්ධානයක් පිහිටුවිය යුතුය යන ස්ථාවරයේ සිට දෙපාර්ශවය අතර සාකච්ඡා තවදුරටත් පැවැත්වෙන බවත් ඒ මහතා සදහන් කලේය.

ජනාධිපතිවරණය සඳහා මෙම පක්ෂ දෙකෙන්ම ඉදිරිපත් කළ යුත්තේ එක් අපේක්ෂකයෙක් පමණක් බවද පවසන ඔහු ඒ සඳහා දෙපාර්ෂවයටම විශාල කැපකිරීමක් කිරීමට සිදුවන බවද සඳහන් කරයි.

කෙසේ හෝ දෙපාර්ශවයම තනි තනිව මැතිවරණ වලට ඉදිරිපත් වූවොත් කිසිවෙකුටත් ජයග්‍රහණය කර නොහැකි බවද ඔහු වැඩිදුරටත් කියා සිටියි.
-lankasinhalanews

No comments:

Post a Comment

Post Bottom Ad