ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ බෝම්බ පිපුරුම් මාලාවක් සිදුවනු ඇති බවට පවසමින් ව්‍යාජ තොරතුරක් ලබාදුන් සරසවි සිසුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ බෝම්බ පිපුරුම් මාලාවක් සිදුවනු ඇති බවට පවසමින් පසුගිය දා නාඳුනන අංකයකින් දුරකථන අංකයකින් උපකුලපතිවරයාට ඇමතුමක් ලැබී තිබුණු අතර,ඒ අනුව විදේශ සංචාරයක නිරත වී සිටි උපකුලපතිවරයා වහාම ක්‍රියාත්මක වී එහි සිටම ආරක්ෂක අංශ කැදවා අවශ්‍ය සෝදිසි මෙහෙයුම් දියත් කර තිබෙනවා.
එහිදී සැකකටයුතු කිසිවක් හමු නොවු බැවින් මිරිහාන පොලිසියට මේ පිළිබඳව පැමිණිල්ලක් කර අධිකරණ අවසරයෙන් ග්‍රාහක සමාගම් උදව්වෙන් අදාල දුරකථන අංකය පිළිබඳව පරීෂාකර තිබෙනවා.
එහිදී හෙළිවී ඇත්තේ සැකකාර ඇමතුම සරසවියේම සිසුවකු විසින්ම ලබා දී ඇති බවත් ඔහු වෛද්‍ය පීඨයේ අවසන් වසරේ අයෙකු බවත්, ඉදිරි සතියේ පවත්වන විභාගයකට තමා සූදානම් නැති බැවින් එය කල්දමාගැනීමට මෙම ව්‍යාජ දුරකථන ඇමතුම ලබා දුන් බවත්ය.
සරසවිය ආසන්න ස්තානයකම රැඳි සිටිය දී ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර, සිසුවා අධිකරණයට යොමු කිරීමට නියමිතයි.
Wednesday, May 15, 2019

Home
දේශපාලන
විභාගය කල් දාන්න ජ'පුර විශ්ව විද්‍යාලයේ බෝම්බ පිපුරුම් මාලාවක් ගැන ව්‍යාජ තොරතුරක් ලබාදුන් වෛද්‍ය පීඨයේ සිසුවාට වැඩ වරදී
විභාගය කල් දාන්න ජ'පුර විශ්ව විද්‍යාලයේ බෝම්බ පිපුරුම් මාලාවක් ගැන ව්‍යාජ තොරතුරක් ලබාදුන් වෛද්‍ය පීඨයේ සිසුවාට වැඩ වරදී
Tags
# දේශපාලන
Share This

About විගස පුවත් I Vigasapuwath
දේශපාලන
Labels:
දේශපාලන
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment