‘‘රතන හාමුදුරුවො තමයි දැන් ඉන්න විෂබීජෙ - අපි ගන්න ක්‍රියා මාර්ගය දවස් 10 ක් යනකොට ඔයගොල්ලන්ට තේරෙයි‘‘ - අසාද් සාලි මාධ්‍යයට කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, July 1, 2019

‘‘රතන හාමුදුරුවො තමයි දැන් ඉන්න විෂබීජෙ - අපි ගන්න ක්‍රියා මාර්ගය දවස් 10 ක් යනකොට ඔයගොල්ලන්ට තේරෙයි‘‘ - අසාද් සාලි මාධ්‍යයට කියයි

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විෂබීජයක් බව බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි පවසනවා. ඔහු මේ බව පැවසුවේ ඊයේ (01) කොළඹදී මාධ්‍යවේදීන් නැගූ පැණයකට පිළිතුරු ලබා දෙමින්. එහිදී හිටපු ආණ්ඩුකාරවරයා රතන හිමියන් සම්බන්ධයෙන් දැක්වූයේ මෙවැනි අදහසක්.
‘‘රටේ ප්‍රශ්නයක් නම් අහන්න ඕන රතන හාමුදුරුවන්ගෙන්.එයා තමයි දැන් ඉන්න විෂබීජෙ. දැන් එයා ජාතික නායකයෙක් බවට පත්වෙලා ඉන්නවා. ඒ කියන්නෙ, යාපනයේ ජනතාවගෙ ප්‍රශ්න වලට උත්තර දෙන්නෙත් රතන හාමුදුරුවො. නැගෙනහිර ජනතාවගෙ ප්‍රශ්න වලට උත්තර දෙන්නෙ එයා.

එතුමා කවදාවත් රට ගොඩ ගත්තෙ නෑ. රටට කෙනෙහිලිකම් කරලා රට විනාශ කරන එකේ ලොකු ප්‍රයඥයක් දැරුවා කියලා අද ස්වාමීන් වහන්සේලා වීඩියෝ ඕන තරම් දාලා තියෙනවා.

සම්පූර්ණයෙන්ම රතන හාමුදුරුවො ගෙනිච්චෙ බොරුව කියලා මේ වන විට ඔප්පු වෙලා තියෙන්නෙ‘‘

එසේම මේ සම්බන්ධයෙන් ඉදිරියේදී පියවර ගැනීමට නියමිතව සිටින බවද හිටපු ආණ්ඩුකාරවරයා සඳහන් කළ අතර ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ‘‘අපි ගන්න ක්‍රියා මාර්ගය දවස් 10 යක කොට ඔයගොල්ලන්ට තේරෙයි.. රතන හාමුදුරුවො කොහෙද ඉන්නෙ කියලා එතකොට බලමු‘‘ යනුවෙන්.


No comments:

Post a Comment

Post Bottom Ad