එංගලන්තයෙන් ගෙන්වූ කසල මහවැලි ඉඩම්වලට බැහැර කරන්න සූදානම් ! - විගස පුවත් - Vigasapuwath

Friday, July 26, 2019

එංගලන්තයෙන් ගෙන්වූ කසල මහවැලි ඉඩම්වලට බැහැර කරන්න සූදානම් !

එංගලන්තයේ සිට මෙරටට ආනයනය කර ඇති කසළ කන්ටේනර් තොගය දිඹුලාගල ප්‍රදේශයේ හිස් මහවැලි ඉඩම් වලට බැහැර කිරීමේ කටයුත්තකට රජය සූදානම් වන බව පොලොන්නරුව සාසනාරක්ෂක බලමණ්ඩලයේ හිටපු ලේඛකාධිකාරි දිඹුලාගල රාහුලාලංකාර හිමියෝ පවසති.

උන්වහන්සේ පවසා සිටින්නේ මෙම කසල තොගය වහාම රටින් පිටකර ලෙසත් එසේ නොකර මහවැලි ඉහල්වලට බැහැර කලහොත් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත්ය.

වැලිකන්ද ප්‍රදේශයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් උන් වහන්සේ මේ බව පැවසූහ.

මෙම කසල තොගය ගෙන්වා ඇත්තේ රජයේ අනුදැනුම ඇතුව බවද උන්වහන්සේ සඳහන් කළහ.


No comments:

Post a Comment

Post Bottom Ad






Contact Form

Name

Email *

Message *