මාබිම කුණු ආහාර ගබඩාව වැටලූ සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ට බස්නාහිර ආණ්ඩුකාරවරයාගෙන් බලපෑම්. - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, July 1, 2019

මාබිම කුණු ආහාර ගබඩාව වැටලූ සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ට බස්නාහිර ආණ්ඩුකාරවරයාගෙන් බලපෑම්.

Loading...
බියගම, මාබිම ප‍්‍රදේශයේදි මිනිස් පරිභෝජනයට නුසුදුසු ධාන්‍ය සහිත ආහාර ගබඩාවක් වැටලීමේ සිද්ධිය පිළිබඳ නීතිමය කටයුතු වැළැක්වීමට බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා කටයුතු කරමින් සිටින බව ශ‍්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා ‘දිවයින’ට පැවසීය.

පසුගිය 25වැනිදා මොහොමඞ් නූර්දීන් නමැති ව්‍යාපාරිකයකුට අයත් මෙම ගබඩාව පරීක්ෂා කිරීමේදී මිනිස් පරිභෝජනයට නුසුදුසු ධාන්‍ය කිලෝග‍්‍රෑම් 7,56,000කට අධික ප‍්‍රමාණයක් සොයාගත් බව ඒ මහතා කීය.

පසුව මාකොළ දකුණ සහ හෙයියන්තුඩුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින්් එම ආහාර ගබඩාවට මුද්‍රා තබා ඇත. පරිභෝජනයට නුසුදුසු ධාන්‍ය අතර පරිප්පු, මුං සහ කවුපි එහි වූ බවත්, ඒවා කෘමි සතුන් ගහණ ආගන්තුක ද්‍රව්‍යයන් සහ පක්ෂි අසූචිවලින් යුක්ත වූ බවත් හෙතෙම කියා සිටියේය. පසුව බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා එම වැටලීම කළ නිලධාරීන් කැ`දවා ඔවුන්ගේ රාජකාරියට බාධා වන අයුරින් තර්ජනය කර ඇතැයිද ඒ මහතා ස`දහන් කළේය.

තවදුරටත් කතා කරමින් ඒ මහතා මෙසේද කීය.

මේ වැටලීම කරපු නිලධාරීන්ට ආණ්ඩුකාරවරයා බලපෑම් කළ නිසා අපි මහර අධිකරණය හමුවේ පැමිණිල්ලක් ගොනු කළා. මෙම වැටලීම ගැන අහන්න ආණ්ඩුකාරවරයා ඔහුගේ කාර්යාලයට කැ`දවා තිබෙනවා. ඒ අවස්ථාවේ ආණ්ඩුකාරවරයා අපේ නිලධාරීන්ට බැණ වදිමින් එම නිලධාරීන් විසින් සිදුකරන ලද රාජකාරියට අවමන් කරමින් ඔවුන්් ස්ථාන මාරුකර විනය පරීක්ෂණ සිදුකරන බවටත් තර්ජනාත්මකව පවසා තිබෙනවා. ඒ වගේම ඔහු මේ නඩු කටයුත්ත මින් ඉදිරියට නොකරන ලෙසටත් දැඩිව පවසා තිබෙනවා. කෙසේ වුවත් ලංකාවේ ආහාර සුරක්ෂිතතාව ඇතිකිරීමට නිරන්තරයෙන්ම කැපවන නිලධාරීන් හැටියට මේ නඩු කටයුතු ඒ ආකාරයෙන්ම කරගෙනයාමට කටයුතු කරනවා. මේ ස`දහා ආණ්ඩුකාරවරයාගෙන් තවදුරටත් බලපෑම් එල්ල වුණොත් දැඩි වෘත්තීය ක‍්‍රියාමාර්ගයකට එළඹෙනවා. මේ ගබඩාවේ ආහාර ඉතා අපිරිසිදු තත්ත්වයකයි තිබුණේ. මේ ජරාව තමයි රටේ ජනතාවට කන්න දෙන්නේ. මෙවැනි තැන් අපි දිගටම වටලනවා.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා
-Divaina

No comments:

Post a Comment

Post Bottom Ad