අපේ සහාය දෙන්නේ අපට ස්වයං පාලනය දෙන කණ්ඩායමටයි..- දෙමල සන්ධානය - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, July 1, 2019

අපේ සහාය දෙන්නේ අපට ස්වයං පාලනය දෙන කණ්ඩායමටයි..- දෙමල සන්ධානය

උතුරු නැගෙනහිර  පළාත් ඒකාබද්ධ කොට ස්වයං පාලන ව්‍යුහයකින් දේශපාලන විසඳුමක් ලබාදෙන පාර්ශවයකට දෙමළ ජාතික සන්ධානයේ සහය ලබාදෙන බවට ඉලංගෙයිතමිල් අරුසකච්චි පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයිසේනාධිරාජා මහතා කියා සිටියේය.
මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ ඊයේ (30) දින යාපනය වීරසිංහම් ශාලවේදී ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂයේ 16වන මහසභා සම්මේලනය රැස්වූ අවස්ථාවේදීය.

ඉලංගෙයි තමිල් අරුසකච්චිපක්ෂයේ නායකයා වශයෙන් නැවත වරක් පසුගිය 29 වනදා මාවෙයි සේනාධිරාජා මහතාම පත්වීමෙන් පසුව ඊයේ දින නැවතත් පක්ෂයේ මහභාව රැස්වීණි.

එහිදී උතුරු නැගෙනහිර නව සිංහල ජානාවාස ඉදිකිරීම නවතා දැමීම ඇතුළු යෝජනාවන් රැසක් ‍ඉලංගෙයි තමිල් අරසු කච්චි මහා සභා රැස්වීමේදී සාකච්ඡා කළ අතර ඊට අමතරව උතුරු නැගෙනහිර අතුරුදහන්වූවන්ගේ ගැටළුව, උතුරේ සිවිල් ජනතාව‍ගේ ඉඩම් තුළින් ආරක්ෂක අංශ ඉවත්කිරීම, උතුරු නැගෙනහිර ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කිරීම හා හින්දු ජනතාව ජිවත්වන ප්‍රදේශයන්ගේ බෞද්ධාගමික ස්ථාන ඉදිකිරීම නැවැත්වීම ඇතුළු ප්‍රධාන යෝජනා 11 ක් සම්බන්ධයෙන් වන යෝජනාවලියක් රජය වෙත ඉදිරිපත් කිරීමට එහිදි යෝජනා සම්මතකොට ගෙන ඇත.

අදාළ ඉල්ලීම් මාලාව රජයට ඉදිරිපත් කොට මාස තුනක කාලයක් තුළ විසදුම් ලබා ගැනීමට බලාපොරොත්තු වන  අතර, අදාළ ඉල්ලීම් මාලාව වෙත ලබාදෙන යහපත් ප්‍රතිඵල අනුව ඉදිරි මැතිවරණ වෙනුවෙන් සිය පක්ෂය සහයෝගය ලබාදෙන කණ්ඩායම තීරණය කරන බවද පක්ෂ නියෝජතයින් එහිදී පැවසූහ.

අවසන් යුද සමයේ උතුරු නැගෙනහිර පළාත් තුළින් අතුරුදහන්වු තරුණ කණ්ඩායම් වෙනුවෙන් සිදුවූයේ කුමක්ද යන්න සම්බන්ධයෙන් රජය තුළින් ස්ථිර විසදුමක් ලබා ගැනීම හා දේශපාලන සිරකරුවන් ලෙස අත්අඩංගුවට ගෙන සිටින පිරිස් නිදහස් කර ගැනීම වෙනුවෙන් රජයට බලපෑම් කළ යුතු බවට තීරණයක්ද මහසභාවේදී යෝජනා වී ඇත.

එමෙන්ම 19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර ගැනීමට ජනාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් ගෙන යන උත්සහය නවතා දැමිය යුතු බවත්, ඒ වෙනුවෙන් වන යෝජනාවලියක් සම්බන්ධයෙන් අනෙකුත් පක්ෂ සම‍ඟ සාකච්ජා කළ යුතු බවටද එහිදී සාකච්ඡා වී ඇත.

මහවැලි එල් කලාපය යනුවෙන් හදුන්වමින් උතුරු නැගෙනහිර පළාත් තුළ නව සිංහල ජනාවාස බිහිකිරමින් රජය ගෙන යන ක්‍රියා කලාපය වහාම නවතා දැමිය යුතු බවටත් ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සලයේදී සම්මත කරගත් යෝජනාවන් මුළුමනින්ම ක්‍රියාත්මක කළයුතු බවත් ඒ සදහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ජාත්‍යන්තරය කටයුතු කළයුතු බවත් ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂය විසින් රජයට බලකිරීමට වැඩි දුරටත් සාකච්ඡා කොට ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad