’මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත’ සංශෝධනය කර විවාහවීමේ අවම වයස අවුරුදු 18 කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව මුස්ලිම් කටයුතු ඇමති එම්එච් ඒ හලීම් මහතා පැවසීය.
මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය තුළ ඇති ඉතා විවාදාපන්න කාරණයක් වන්නේ, මුස්ලිම් කාන්තාවන්ගේ විවාහය සඳහා වන අවම වයසක් නිශ්චිතව සඳහන් නොවීමයි.
මේ පනතේ 23 වැනි වගන්තියෙන් කියැවෙන පරිදි, වයස 12 ට අඩු ගැහැනු දරුවෙකු වුවත්, මුස්ලිම් ක්වාසි අධිකරණ විනිසුරුවරයෙකුගේ අනුමැතිය ඇතොත්, කෙනෙකුට විවාහ කර දිය හැකිය. මේ අවසරය නිසා, වයස 18 ට අඩු සිය ගණනක් දැරියන් පසුගිය දශකය තුළ පවා විවාහ කොට දී තිබේ.
2011 සහ 2016 අතර කාලය තුළ, අම්පාර දිස්ත‍්‍රික්කයේ පමණක්, වයස 13-18 අතර දැරියන් 870 දෙනෙකු විවාහ වී තිබේ. වෙනත් සෑම ශ‍්‍රී ලාංකිකයෙකු සඳහාම විවාහය සම්බන්ධයෙන් බලපවත්වන අවම වයස් සීමාව වන්නේ අවුරුදු 18 කි.
දණ්ඩනීති සංග‍්‍රහය තුළ, 1995 සිට, ලිංගික අනුමැතිය දීමට කෙනෙකුට හැකියාව පැවරෙන අවම වයස අවුරුදු 16 දක්වා ඉහළ දමා තිබේ. එහිදී පවා, මුස්ලිම් තරුණියන්ව එම සීමාවෙන් ඉවත් කොට ඇත. ඔවුන්ට, වයස අවුරුදු 12 පිරුණු පසු ඒ හැකියාව පැවරී තීබුණි.
’මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත’ 1951 දී කෙටුම්පත් කෙළේ පිරිමින් පිරිසකි විසිනි. එය ව්‍යවස්ථාදායකයෙන් අනුමත කරගත්තේද පිරිමින් පිරිසක් විසිනි. එම පනත 1975 දී සුළු සංශෝධනයකට ලක්කෙරුණි. එතැන් සිට අවුරුදු 30 කට අධික කාලයක් තිස්සේ, විවිධ ක්ෂේත‍්‍රවල වැඩ කරන සහ විවිධ පළාත්වල වෙසෙන මුස්ලිම් කාන්තාවන් මේ පනත තමන්ට අහිතකර බව දක්වා සංශෝධනය කළ යුතු බවට උද්ඝෝෂණ පැවතිණි.
Wednesday, August 21, 2019
![](https://1.bp.blogspot.com/-7Kd9qaiRHuA/WaEtZyc70TI/AAAAAAAADsA/7WUYBVoY-UwwjdEP3kDFPvH9htN0dDKgQCLcBGAs/s1600/demo-image.jpg)
මුස්ලිම් අවම විවාහ වයස 18 කරන්න කැබිනට් අනුමැතිය
Tags
# ප්රවෘත්ති
Share This
![Author Image](http://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhHGI0Me-r_Rt7ucmJ6nhwibSKurrw3WH8-sE44qNg5HfySBgymP7FDKhGNz9R3lBOCuzzlyYXHJufqkci-Jj5OaSEnZpwIa9bNsH6QdLAz8ccPFF-EEIiu6UlfcIfnmE4/s113/90031a4f8e812dd2a0028c4b11e9d781.jpeg)
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment