කොළඹ කුණු අරුවක්කාරු ගෙන යන්න ප‍්‍රවාහන වියදම දිනකට ලක්‍ෂ 30යි ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, August 12, 2019

කොළඹ කුණු අරුවක්කාරු ගෙන යන්න ප‍්‍රවාහන වියදම දිනකට ලක්‍ෂ 30යි !

කොළඹ නගර සභාවේ කැලිකසල අරුවක්කාරැ කසල අංගනයට ගෙනයාම සඳහා දිනකට රුපියල් ලක්ෂ තිහක් පමණ වැයවන බව කොළඹ නගර සභාවේ සඳහන් කරයි. කෙරවලපිටිය කසල අංගනයට කොළඹ නගර සභාවේ කසළ බාර නොගැනීම නිසා එම තත්ත්වය විසඳීම සඳහා අරුවක්කාරු දක්වා කසල ප්‍රවාහනය කිරීමට සිදුව තිබෙන බව ද එම නගර සභාවේ ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ ස්ථාවර කමිටුව කියයි.

ඒ අනුව අරුවක්කාඩු දක්වා කසල ප්‍රවාහනයට පමණක් මසකට රුපියල් මිලියන 100ක මුදලක් වැයවන බවද ඔවුන් සඳහන් කරයි.

කෙසේ වෙතත් පසුගිය රජය සමයේ මෙහි මුල් සැලසුම තිබුණේ දුම්රිය මාර්ග ඔස්සේ අරුවක්කාරු දක්වා කසල ගෙනයාමටයි.


No comments:

Post a Comment

Post Bottom Ad