සේවකයෝ සිව්දෙනෙකු හා සේවිකාවක් මෙසේ වහලය මත නැඟ අඛණ්ඩ උපවාසයක නිරතව සිටින අතර සෙසු සේවක පිරිස ඔවුනට සහාය පළ කරමින් ආයතනය ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරත වූහ.
සේවකයන් වෙනුවෙන් අර්ථසාධක අරමුදලට නොගෙවා ඇති මාස 21ක හිඟ මුදල් ගෙවීම (දැනට ගෙවිය යුතු හිඟ මුදල ලක්ෂ 83 කි), විශ්‍රාම ගිය සේවකයන් 43කගේ පාරිතෝෂික දීමනාව වහා ගෙවීම, කම්කරු කොමසාරිස්වරයා විසින් සේවකයන්ගේ අයිතීන් පිළිබදව ලබාදී ඇති නියෝග වහා ක්‍රියාත්මක කිරීම, ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයන්ට හිමි සියලු වරප්‍රසාද, දීමනා ලබාදීම යන ඉල්ලීම් ලැබෙන තුරු මෙම අඛණ්ඩ උපවාසය පවත්වන බව එම ආයතනයේ වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටුව සඳහන් කරයි
ජාතික නිවාස අධිකාරිය යටතේ පාඩු ලබමින් තිබූ මෙම ආයතනය ශ්‍රී ලංකා ඉංජිනේරු සංස්ථාව යටතට ගෙන එය ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමට හිටපු නිවාස හා ඉදිකිරීම් ඉංජිනේරු සේවා අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ පාලනය යටතේ හැකිවූ බවත් දේශපාලන පත්වීම් ලබා දීම ඇතුළු සජිත් ඇමතැතිතුමාගේ අදූරදර්ශී පාලනය හේතු කොට ගෙන දැන් තම ආයතනය සේවක අර්ථසාධක අරමුදලට දායක මුදල් ගෙවීම් පවා බැරි ආයතනයක් බවට පත්වී ඇති බව ද සේවකයෝ පවසති
– අබරගෙ පිටුව
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhS-j9IWc2HMsovOnCc2oYO4SYDYkbxkg1zcxC5npzOpMbVQSztyZ0VMX72jeiILjpL9mfQaA1w9GScaNNss27zseOwbYIjCO7urgeHRRoiroXtP9mKdGofgrC1Hpfm7nlRrxnsLoWo3Juo/s1600/shareit.jpg)
No comments:
Post a Comment