පොළොන්නරුවෙන් කොරෝනා ආසාදිත සිසුන් හමුවෙයි. - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, October 7, 2020

පොළොන්නරුවෙන් කොරෝනා ආසාදිත සිසුන් හමුවෙයි.


කොරෝනා ආසාදිත සිසුන් කිහිප දෙනකු නැගෙනහිර පළාතෙන් හඳුනාගෙන ඇති බව පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය සඳහන් කරයි.

කන්තලේ අධ්‍යාපන කලාපයට අයත් සිසුන් කිහිප දෙනෙකු දැනටමත් නිරෝධ කර ඇතැයි ද ඇය සඳහන් කරයි.

මේ තත්ත්වය මත නැගෙනහිර පළාතේ කන්තලේ, දෙහිඅත්තකණ්ඩිය, මහඔය කලාප වල කොරෝනා පැතිරී යාමේ අවදානමක් ඇති බවද ඇය කියා සිටී.

ඒ හේතුවෙන් පළාත තුළ සියලුම උපකාර පන්ති නැවත දැනුම් දෙන අත්හිටුවීමටද කටයුතු කර ඇත.

උපුටාගැනිම - Lankacnews.

No comments:

Post a Comment

Post Bottom Ad