තව්හිද් ජමාත් ත‍්‍රස්ත සංවිධානයේ නායකයාව සිටි මොහොමඞ් සහරාන් යටතේ නුවරඑළිය පුහුණු කඳවුරේ අවි පුහුණුව ලැබූ ජමාතේ මිල්ලතේ ඊබ‍්‍රහිම් සංවිධානයේ තවත් ප‍්‍රබල සාමාජිකයකු අම්පාර පොලිසිය මගින් ඊයේ (22) වැනිදා* අත්අඩංගුවට ගෙන ඇත.
අබු ඉක්ත‍්‍රිමා නමැති මෙම ත‍්‍රස්තයා අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පොල ප‍්‍රදේශයේ නිවසක සිටියදීය.
රාජ්‍ය බුද්ධි තොරතුරු ඒකකය විසින් අම්පාර පොලිසියට ලබාදුන් තොරතුරකට අනුව මෙම ත‍්‍රස්තවාදියා අත්අඩංගුවට ගැනීමට හැකිවිය.
රාජ්‍ය බුද්ධි තොරතුරු ඒකකය පසුගිය දින කීපයේදී ලබාදී තිබූ තොරතුරු අනුව ජමාතේ මිල්ලතේ ඊබ‍්‍රහිම් සංවිධානයේ ප‍්‍රබල සාමාජිකයන් 16 දෙනකු අම්පාර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
අබු ඉක්ත‍්‍රිම් නමැති මෙම ත‍්‍රස්තවාදියා මොහොමඞ් සහරාන් යටතේ නුවරඑළිය පුහුණු කඳවුරේදී ගිනිඅවි පුහුණුව ලබා ඇති අතර ඔහුගේ දේශන රැුසකට ද සහභාගි වී ඇති බව විමර්ශනවලින් හෙළිවී ඇත.
-දිවයින පුවත්පත
Thursday, August 22, 2019
![](https://1.bp.blogspot.com/-7Kd9qaiRHuA/WaEtZyc70TI/AAAAAAAADsA/7WUYBVoY-UwwjdEP3kDFPvH9htN0dDKgQCLcBGAs/s1600/demo-image.jpg)
සහරාන්ගේ ප‍්‍රබලයෙක් ගම්පොළින් අල්ලයි,නුවරඑළිය කඳවුරේදී අවි පුහුණුව ලබලා.
Tags
# දේශපාලන
Share This
![Author Image](http://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhHGI0Me-r_Rt7ucmJ6nhwibSKurrw3WH8-sE44qNg5HfySBgymP7FDKhGNz9R3lBOCuzzlyYXHJufqkci-Jj5OaSEnZpwIa9bNsH6QdLAz8ccPFF-EEIiu6UlfcIfnmE4/s113/90031a4f8e812dd2a0028c4b11e9d781.jpeg)
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන
Labels:
දේශපාලන
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment