කිලිනොච්චිය යුද හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය හා පොලීසිය එක්ව පස්කපන යන්ත්‍රයක් යොදාගනිමින් කිලිනොච්චිය මහෙස්ත්‍රාත් ආර්. සරවණරාජා මහතා ඉදිරියේදී මෙම කැනීම සිදු කරනු ලැබීය.
පැයකට ආසන්න කාලයක් එහිදී පස් කපන යන්ත්‍රය මගින් පොළව හෑරීම සිදු කළද කිසිදු යුද උපකරණයක් හමු නොවීම හේතුවෙන් කැනීම් කටයුතු තාවකාලිකව නවතා දැමීමට කිලිනොච්චිය මහෙස්ත්‍රාත් වරයා විසින් නියෝග කොට සිටියේය.
අදාල ඉඩමේ කොටි ආයුධ වලාදමා ඇති බවට ආරක්ෂක අංශ බුද්ධි අංශ වෙතට ලැබුනු තොරතුරකට අනුව කිලිනොච්චිය පොලීසිය විසින් අධිකරණයට දැනුම් දී අධිකරණ නියෝගයකට අනුව මෙම කැනීම සිදු කරනු ලැබීය.
කෙසේ වෙතත් අදාල කැනීම පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන්ට අයත් ඉඩමක්යැයි මන්ත්‍රීවරයාගේ පක්ෂිකයින් පිරිසක් පවසන අතරම ප්‍රදේශවාසීන් පවසා සිටියේ අදාල ඉඩම එම මන්ත්‍රීවරයාගේ සොහොයුරෙකුට අයත් ඉඩමක් බවටය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhS-j9IWc2HMsovOnCc2oYO4SYDYkbxkg1zcxC5npzOpMbVQSztyZ0VMX72jeiILjpL9mfQaA1w9GScaNNss27zseOwbYIjCO7urgeHRRoiroXtP9mKdGofgrC1Hpfm7nlRrxnsLoWo3Juo/s1600/shareit.jpg)
No comments:
Post a Comment