කොළඹ, කොටහේන ආමර් බාබර් මංසන්ධිය ජලයෙන් යටවීම හේතුවෙන් සැහැල්ලු වාහන ධාවනයට බාධා මතුව ඇතැයි පොලීසිය පවසනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා අදාළ මාර්ගය භාවිත කරන රියදුරන්ට දැනුම් දෙන්නේ, ඒ වෙනුවට විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි.
මේ අතර, දිවයිනේ බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම සහ දකුණු පළාත් වලට ඉදිරි පැය 24ක කාලය තුළ මිලි මීටර 150 ඉක්මවූ තද වැසි ඇද හැළෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
අධික වැසි සමග ප්‍රෙද්ශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියා සිටියේ.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක හතරකට මෙලෙස අනතුරු අඟවා තිබෙනවා.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ඇහැළියගොඩ, අඹගමුව, බුලත්සිංහල, කිරිඇල්ල, කලවාන, වරකාපොල සහ මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වෙත පළමු සහ දෙවන අදියරේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි.
බදුල්ල සොරනාතොට ප්‍රදේශයේ ගල්පෙරලීම් වාර්තා වීම හේතුවෙන් පවුල් 88ක් ද තාවකාලිකව ඉවත් කර ඇත.
මේ අතර ඉදිරි පැය 24 තුළ බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත් වලට මිලිමීටර් 150ට වැඩි තදවැසි ඇතිවිය හැකි බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.
ඌව, නැගෙනහිර සහ උතුරුමැද පළාත් වලට මිලිමීටර් 100ට වැඩි තදවැසි ඇතිවිය හැකියි.
මේ අතර ගතවු කාලය තුළ කළුතර, රත්නපුර,නුවරඑළිය සහ කෑගල්ල දිස්ත්‍රික්ක වලට තදවැසි ඇති වී ඇත.
ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසුවේ දිවයිනේ ප්‍රදේශ කිහිපයක පහත්බිම් සහ අතුරු මාර්ග ජලයෙන් යටවී ඇති බවයි.
No comments:
Post a Comment