ජනපතිගේ තීරණයෙන් ටෙලිකොම් සභාපතිගේ වැටුප ලක්ෂ 20 සිට ලක්ෂ 2.5 ට අඩු කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, December 5, 2019

ජනපතිගේ තීරණයෙන් ටෙලිකොම් සභාපතිගේ වැටුප ලක්ෂ 20 සිට ලක්ෂ 2.5 ට අඩු කරයි

වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති තනතුර සඳහා ගෙවන වැටුප රුපියල් ලක්ෂ 02 හමාර දක්වා අඩු කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා. දැනට ටෙලිකොම් සභාපතිවරයාට ගෙවන වැටුපට අනුව එය දැවැන්ත වැටුප් ස‍ංශෝධනයකි.

ජනාධිපතිවරණයෙන් පසුව නව රජය බලයට පත්වීමත් සමග රාජ්‍ය ආයතන සහ සංස්ථා සභාපතිවරුන් ඉවත් කළද තවමත් ශ්‍රී ලංකා ටෙලි‍කොම් ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ හිටපු ජනාධිපතිවරයාගේ සොයුරු කුමාරසිංහ සිරිසේන මහතාය. 

ඔහුගේ වත්මන් වැටුප රුපියල් ලක්ෂ 20 ක් හෙවත් මිලියන 02 කි. කෙසේ වෙතත් ඔහු මේ වනවිට රුපියල් මිලියන 20 කට අධික මුදලක් වැටුප් හා දීමනා ‍ලෙස ටෙලිකොම් ආයතනයෙන් ලබා ගන්නා බවයි වාර්තා වන්නේ. ඒ ටෙලිකොම් ආයතනයට අනුබද්ධ මොබිටෙල් සමාගම ඇතුළු ආයතනවලින් ලබා ගන්නා දීමනා ද ඇතුළුවයි.

කුමාරසිංහ සිරිසේන මහතාගේ සභාපති තනතුර ආරක්ෂා කරදෙන බවට අගමැති මහින්ද රාජපක්ෂ මහතා හිටපු ජනාධිපතිවරයාට පොරොන්දු වී ඇති අතර ඒ සම්බන්ධයෙන් අප මීට පෙර ද වාර්තා කළේය.

කෙසේ වෙතත් ටෙලිකොම් ආයතනය සඳහා සුදුසුකම් හා පළපුරුද්ද සහිත පුද්ගලයෙකු පත් කිරීමට ජනාධිපතිවරයා මේ වනවිටත් තීරණය කර ඇති අතර ඒ පිළිබඳව සොය බලන්නැයි රාජ්‍ය ආයතන ප්‍රධානීන් තෝරා ගැනීම සඳහා පත්කළ කමිටුව ද දැනුවත් කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad