119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරකට අනුව එහි ගිය පොලිස් නිලධාරීහු එම ව්‍යාපාරික ගොඩනැඟිල්ලේ දෙවන මහලේ පඩි පෙළක් මත වැටී තිබුණු කාන්තාවගේ මළ සිරුරද එම ගොඩනැඟිල්ලේ ඉහළ මාලයේ ස්ලැබ් එක මත තිබූ පිරිමි මළ සිරුරද සොයාගත්හ.
එම යුවළගේ සිරුරු හමුවන අවස්ථාවේ ඕජස් ගලමින් බෙහෙවින් ඉදිමී දුඟඳ හමමින් තිබූ බවද පොලිසිය කියයි.
එම යුවළ වසර ගණනාවක සිට එම ප‍්‍රදේශයේ වාසය කර ඇතැයි හෙළිවී තිබේ.
මියගොස් ඇත්තේ වාද්දුවගේ දොන් මංජුල (40) සහ සංජීවනී ප‍්‍රදීපිකා (39) යන අඹු සැමි යුවළ බවද පොලිසිය කියයි.
එම ගොඩනැඟිල්ලේ පහත මාලයේ ව්‍යාපාරික ස්ථාන හතරක් පවත්වාගෙන යමින් තිබූ බවත් ඒවා මෙම මියගිය යුවළ විසින් කුලියට ලබාදී තිබූ බවද හෙළිවිණැයි පොලිසිය කියයි.
ණය බර හේතුවෙන් මොවුන් වස පානය කර සිය දිවි නසා ගත්තේද? එසේත් නොමැති නම් මොවුන්ව කිසියම් පිරිසක් විසින් ඝාතනය කළේද? යන්න සම්බන්ධයෙන් පොලිසිය පැති කීපයක් ඔස්සේ පරීක්‍ෂණ සිදුකරයි.
අඹු සැමි යුවළ මියගොස් සිටි ස්ථානයට පැමිණි නුගේගොඩ වැඩබලන මහෙස්ත‍්‍රාත් සුනීතා නානායක්කාර මහත්මිය මූලික මහෙස්ත‍්‍රාත් පරීක්‍ෂණය සිදුකළාය.
පසුව වැඩබලන මහෙස්ත‍්‍රාත්වරිය මෙම අඹු සැමි යුවළගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේ අධිකරණ කාර්යාලයේදී සිදුකර එම වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි පොලිසියට නියෝග කළාය.
මහරගම පොලිසියේ ස්ථානාධිපති ප‍්‍ර.පො.ප. එච්. එච්. ජනකාන්ත මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පො.ප. රංජන් එදිරිසිංහ මහතාගේ මෙහෙයවීමෙන් නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්‍ෂණ සිදුකරති.




No comments:
Post a Comment