බැඳුම්කර මගඩිය ගැන නීතිය ක්‍රියාත්මක කරන්නැයි ජනපතිට ලිපියක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, January 30, 2020

බැඳුම්කර මගඩිය ගැන නීතිය ක්‍රියාත්මක කරන්නැයි ජනපතිට ලිපියක්

හ බැංකු බැඳුම්කර පිළිබඳ වෝහාරික විගණන වාර්තාව පදනම් කරගනිමින් නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටු‍‍වේ හිටපු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.
මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් ඇතුළු එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධාන ආණ්ඩුව පැවති සමයේ ශ්‍රී ලංකා මහ බැංකුවේ සිදු වූ බව පැවසෙන බැඳුම්කර වංචාව එවක මහත් ආන්දෝලනයකට තුඩු දුන්නේය.

මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ සිට 'යහපාලනය' දක්වා කාලය තුළ සිදු වූ මහ බැංකු බැඳුම්කර ගනුදෙනු පිළිබඳව වෝහාරික විගණන වාර්තාව පසුගියදා පාර්ලිමේන්තුව හමුවේ සභාගත කෙරිණි.

කෝප් කමිටුවේ නිර්දේශ මත විශේෂඥ දැනුම ඇති ආයතන සම්බන්ධ කරගනිමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සකස් කරන ලද වෝහාරික විගණන වාර්තාව පදනම් කරගනිමින් අධිකරණ ක්‍රියාවලියක් ආරම්භ කිරීමට ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට බලය ලැබී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති සිය ලිපියෙන් පෙන්වා දී තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad