පොදුජන එක්සත් පෙරමුණ ශ‍්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ලෙස වෙනස් කිරීමට (30)දා* රාත‍්‍රියේ රැුස්වූ පොදුජන එක්සත් පෙරමුණ විධායක සභාව තීරණය කර ඇත.
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පක්ෂ මූලස්ථානයේදී ඊයේ රාත‍්‍රී පැවති පොදුජන එක්සත් පෙරමුණේ විධායක සභා රැුස්වීමේදී අදාළ තීරණයට එළැඹ තිබේ.
ඒ අනුව පොදුජන එක්සත් පෙරමුණ මින් ඉදිරියට ශ‍්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ලෙස වෙනස් කිරීමටත් පක්ෂයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමටත් විධායක සභාවේ අනුමැතිය හිමිවී තිබේ.
ඉදිරි මහමැතිවරණයට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ ගණනාවක් එක්ව සන්ධානයක් පිහිටුවීමට හැකිවන සේ මෙම සංශෝධනය කළ බව ශී‍්‍රලනිප ජ්‍යෙෂ්ඨයෙක් ‘දිවයින’ට පැවසීය.
පොදුජන එක්සත් පෙරමුණ ශ‍්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ලෙස වෙනස් කළ බව මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දීමටත් එහි ලකුණ පසුව වෙනස් කරන තෙක් පුටුව ලෙස තැබීමටත් ඊයේ රැුස්වූ විධායක සභාවේ අනුමැතිය හිමිව ඇත.
-Divaina.
Friday, January 31, 2020
‘පුටුවේ’ නම වෙනස් වෙයි.
Tags
# දේශපාලන
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන
Labels:
දේශපාලන
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment