කොරෝනාවට බිය නොවූ - චීනයේ සිට පැමිණි සිසුන් ගෙන ඒමට ඉදිරිපත්වූ අපේ විරුවන්ගේ කතාව - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, February 1, 2020

කොරෝනාවට බිය නොවූ - චීනයේ සිට පැමිණි සිසුන් ගෙන ඒමට ඉදිරිපත්වූ අපේ විරුවන්ගේ කතාව


ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් ගේ මැදිහත්වීම මඟින් සිදුකරන ලද හදිසි සූදානම මත චිනයේ වුහාන් නගරයේ සිටි ලාංකික සිසුන් ඇතුළු 33 දෙනෙක් සහ එහි සිටි ඔවුන්ගේ පවුල්වල ඥාතින් රැගත් ශ්‍රි ලන්කන් ගුවන් සේවයට අයත් UL-1423 දරණ විශේෂ ගුවන් යානය මත්තල පිහිටි මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපලට අද (01) අලුයම ගොඩ බස්වනු ලැබුවා. එම සිසුන් 33 දෙනා සඳහා දියතලාව හමුදා කඳවුරේ සියලු පහසුකම් සලසා තිබෙනවා.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා රසායනික න්‍යෂ්ඨික ජීවවිද්‍යාත්මක සහ විකිරණශීලි ප්‍රතිචාර බලඝණයේ සාමාජිකයින් මෙවන් ජීව විද්‍යාත්මක හෝ රසායනික හදිසි අවස්ථාවන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට පූර්ණ සුදුසුකම් ලබා ඇති හෙයින් ඔවුන්ගේ මඟපෙන්වීම යටතේ එම සිසුන් දින 14 ක නිරෝධායන සැපයීම සඳහා දියතලාව යුද්ධ හමුදා මූලික රෝහල වෙත රැගෙන යනු ලැබිණි.

වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ මඟපෙන්වීම යටතේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ඉකුත් සිකුරාදා (31) දින සන්ද්‍යාව වන විට එම සිසුන්ට අවශ්‍ය නිරෝධායන කටයුතු සිදුකිරීමට අවශ්‍ය සනීපාරක්‍ෂක පහසුකම් සහිත වර්ග අඩි 100 x 20 ප්‍රමාණයකින් යුත් නව ගොඩනැගිලි දෙකක ඉදිකිරීම් කටයුතු නිම කර ඇත.

වෛද්‍ය උපදේශකයින්, වසංගත රෝග විද්‍යාඥයින් සහ අනෙකුත් කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ අවම වශයෙන් දින 14 ක පුර්ව නිරෝධායන කටයුතු වල නියැලීමෙන් අනතුරුව ඔවුන් මුදාහැරීමට නියමිතය.

දියතලාව යුද්ධ හමුදා රෝහල තුළ නිරෝධායන ලබාගන්නා කාලය තුළ එම සිසුන් වෙත ආහාර පාන, සනීපාරක්‍ෂක අවශ්‍යතා ඇතුළු අනෙකුත් සියළු පහසුකම් වැනි දෛනික අවශ්‍යතා ඔවුන්ට සැපයීමට යුද්ධ හමුදාව කටයුතු කරනු ලබයි.

එම පහසුකම් සලසා ඇති අයුරු සහ රැගෙන ඒමට ගිය ශ්‍රී ලංකන් ගුවන් සේවයේ  කණ්ඩායමේ ඡායාරූප පහතින් දැක්වෙනවා.



No comments:

Post a Comment

Post Bottom Ad