තිරුපති විරෝධය හමුවේ අගමැතිගේ ඩුබායි සංචාරය නවතී - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, December 30, 2021

තිරුපති විරෝධය හමුවේ අගමැතිගේ ඩුබායි සංචාරය නවතී

එළඹෙන සතියේ මහින්ද රාජපක්ෂ අගමැතිවරයා සහභාගී වීමට නියමිතව තිබූ ඩුබායි එක්ස්පෝ සංචාරය අවලංගු කරනු ලැබූ බව අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මාධ්‍ය වෙත පවසා තිබේ. මේ සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකදී යෝෂිත රාජපක්ෂ පවසා ඇත්තේ රටේ ප්‍රශ්න නිසා ඔහුට මේ මොහොතේ එම සංචාරය යාමට නොහැකි බවයි. අගමැතිවරයා මෙම සංචාරය නිරත වීමට නියමිතව තිබුණේ ජනවාර මස 03 වැනි දින බවද වාර්තා වේ.

රට දැවැන්ත විදෙස් සංචිත අර්බුදයකට මුහුණ දී සිටින අවස්ථාවක පුද්ගලික ගුවන් යානයකින් පසුගියදා අගමැතිවරයා ප්‍රමුඛ පවුලේ සාමාජිකයින් තිරුපති සංචාරයක නිරත වූ අතර එම ගුවන් යානයේ පැයක ගාස්තුව ඩොලර් 6000කට අධික බවට මාධ්‍ය වාර්තා කර තිබිණි. තවද රටේ ජනතාවට ජීවත් වීමට නොහැකි ලෙස ආර්ථික අර්බුදයක් ඇති කර අගමැතිවරයා පුද්ගලික ගුවන් යානාවලින් සංචාරවල නිරතවීම පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ මෙන්ම විද්‍යුත් මාධ්‍ය ඔස්සේද දැඩි පසුගිය දින කිහිපයේදී දැඩි කතාබහක් ඇති විය.

මේ වනවිට මුදල් ඇමති බැසිල් රාජපක්ෂද ඇමෙරිකාවේ සංචාරයක නිරතවී සිටින අතර ජනාධිපතිවරයා, අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට එල්ල වී ඇති ජනතා විරෝධය හමුවේ අගමැතිවරයාගේ මෙම ඩුබායි සංචාරය අවලංගු කිරීමට සිදුව ඇති බව දේශපාලන නිරීක්ෂකයෝ පෙන්වා දෙති.
-lankatruth

No comments:

Post a Comment

Post Bottom Ad