අත්අඩංගුවට ගන්න යද්දී ශ‍්‍රී ලන්කන් හිටපු ලොක්කා හා බිරිද නිවසින් පැන යයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, February 4, 2020

අත්අඩංගුවට ගන්න යද්දී ශ‍්‍රී ලන්කන් හිටපු ලොක්කා හා බිරිද නිවසින් පැන යයි

ත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර ඇති ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද‍්‍රසේන හා ඔහුගේ බිරිද නිවසෙන් අතුරුදහන් වී ඇත.

රහස් පොලිසිය විසින් කොළඹ 07 පිහිටි අදාල නිවස වෙත ගිය අවස්ථාවේදී මේ බව හෙලිව ඇත.

2013 වසරේදී ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයට ගුවන් යානා මිලට ගැනීමේදී සිදුව ඇතැයි කියන අල්ලස් ගැනීමක් ගැන ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කර තිබේ.

මෙම දෙදෙනාට අයත් බැංකු ගිණුම් පරීක්‍ෂා කිරීම සදහා රහස් පොලිසිය අධිකරණ නියෝගයක් ගෙන ඇති අතර ඔවුනට රටින් පිටවීමද අධිකරණය විසින් තහනම් කර ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad