ඡන්දෙට පෙර මං රිමාන්ඩ්..- බදියුදීන් මන්නාරමේ දේශපාලනය වේලාසන සංවිධානය කර සූදානම් වෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, February 16, 2020

ඡන්දෙට පෙර මං රිමාන්ඩ්..- බදියුදීන් මන්නාරමේ දේශපාලනය වේලාසන සංවිධානය කර සූදානම් වෙයි

දිරි පාර්ලිමේන්තු මැතිවරණයට පෙර අනිවාර්යයෙන්ම තමන් රක්ෂිත බන්ධනාගාරගත කරනු ඇතැයි හිටපු අමාත්‍ය රිෂාද් බදුයුදීන් මහතා තම දේශපාලන ආධාරකරුවන් සමග සඳහන් කර තිබේ.

මේ වන විටත් ඔහු ඒ සඳහා වන පෙර සූදානම් කටයුතු සිදුකරමින් ඇතැයි මන්නාරම දිස්ත්‍රික්කයේ දේශපාලන ‍ක‍්‍රියාකාරීන් සඳහන් කරති.

ඔහු දිස්ත්‍රික්කයේ ඉදිරි දේශපාලන කටයුතු මහ මැතිවරණයේදී සැලසුම් කළ යුතු ආකාරය ගැන දැනටමත් උපදෙස් ලබාදෙමින් ඇතැයිද සදහන්ය.

ඒ සඳහා වන වියදම් පවා ලබා ගන්නා ආකාරය ගැන සැලසුම් සකස් කර ඇති බවද වාර්තා වෙයි.

එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් අතර පවා සාකච්චා වෙමින් ඇත්තේ ඉදිරි මැතිවරණයට පෙර බදියුදීන් හිටපු ඇමතිවරයා අත්අඩංගුවට ගැනෙනු ඇති බවයි.

මේ වන විටත් හිටපු ඇමතිවරයාගේ බිරිදගෙන් ප‍්‍රකාශ ලබා ගැනීමට අධිකරණය විසින් රහස් පොලිසියට දැනුම් දී ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad