ඉස්ලාමීය ශිෂ්‍ය සංවිධානයේ කෑගල්ලේ සභාපතිවරයාව සිටි මොහොමඩ් මුස්තාෆික් කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් පසුගිය (14 වැනිදා) මේ බව පැවැසීය.
ඉස්ලාමීය ශිෂ්‍ය සංවිධානයේ සාමාජිකයන් විවිධ පුහුණු වීම් සඳහා තුර්කියට, ටියුනීසියාවට සහ මලයාසියාවටද ගොස් ඇති බව සාක්ෂිකරු කොමිසම හමුවේ සඳහන් කළේය.
මාවනැල්ල දනාගම මුස්ලිම් දේවස්ථානයේ මවුලවිවරයෙක් වන කලීල් මොහොමඩ්ද කොමිසම හමුවේ එදින සාක්ෂි ලබා දුන්නේය. මෙහිදී සාක්ෂි ලබා දෙමින් මවුලවිවරයා කියා සිටියේ කුරානය දෙමළ භාෂාවට වැරදි ලෙස පරිවර්තනය කිරීම නිසා අන්තවාදය ඇතිවී තිබෙන බවයි.
සිංහලෙන් ජනතාව වැඳුම් පිදුම් සහ බාරහාර වීමට යන එන දුම්මලසූරියේ පිහිටි සොහොනක් සහිත මුස්ලිම් දේවස්ථානයකටද සහරාන්ගේ අන්තවාදීන් දෙසැම්බර් 26 වැනිදා අලුයම ගිනි තබා ඇති බව දුම්මලසූරිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අතුල කුමාර ගමගේද එදින කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් සඳහන් කළේය.
වරුණි පෙරමුණ


No comments:
Post a Comment