තමන් වහන්සේලා හා වර්තමාන ආණ්ඩුව සතුටින් බලයට පත් කළ ද අද මහත් වේදනාවෙන් කතා කරන්නට සිදුවී ඇති බව නාරාහෙන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කළහ. අද රටේ ප්‍රශ්න පිළිබඳව ඉතා කණගාටුවෙන් වේදනාවෙන් කතා කිරීමට සිදු වී ඇති බවත් රට අද ආණ්ඩුවක් නැති අරාජික බව පෙනී යන බවත් උන්වහන්සේ සඳහන් කළහ.
රට නිසි ලෙස ගෙන යාමට අවශ්‍යතාවයක් ඇත්තේ නම් පළමුව වෙනස් කළ යුත්තේ ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා බවද පැවසූ උන්වහන්සේ ඔහු සිටිනා තාක් මේ රටේ පාලනය කිසිවෙකුට ගෙන යාමට හැකි වන්නේ නැතැයි ද පැවසූහ.
අභයාරාමයේදී පැවැති මාධ්‍ය හමුවකදී එහිමියෝ මෙම අදහස් පල කරන ලදී.

No comments:
Post a Comment