වව්නියාව නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය අසල ඒ-9 ප්‍රධාන මාර්ගයේ ගමන්ගත් කැබ් රථයක් පාලනය කරගැනීමට නොහැකි වීමෙන් සිදු වූ අනතුරකින් කාන්තාවක් මිය ගොස් කුඩා දැරියක් බරපතල තුවාල ලබා ඇති බවට වව්නියාව පොලීසිය පවසයි.
වව්නියාව නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය ආසන්නයේ පිහිටි ඒ-9 ප්‍රධාන මාර්ගයේ ගමන්ගත් කැබ් රථය රියදුරුට පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් මාර්ගයේ පාපැදියකින් ගමන් ගත් මවක් හා දියණියක් යටකරගෙන නියේජ්‍ය පොලිස්පති කාර්යාල භූමියට කඩා වැද ඇත.
එහිදී බරපතල තුවාල ලැබූ මව හා දියණිය දෙදෙනාගෙන් මව මිය ගොස් ඇති අතර දියණියගේ තත්වයද බරපතල බවට රෝහල් වෛද්‍යවරුන් පවසා ඇත.
අනතුරින් මිය ගොස් ඇත්තේ වව්නියාව නගරයේ පදිංචි අවුරුදු 36 ක් වයසැති එස්.පුෂපරාණි නැමති තිදරු මවකි.
අනතුරින් පසුව කැබ්රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර වව්නියාව පොලීසියෙන් වැඩි දුර පරික්ෂණ මෙහෙයවයි.
– වන්නි රොමේෂ් මධුෂංඛ
Wednesday, February 5, 2020
පාලනය නැති වුනු කැබ් රථය තිදරු මවක්, දියණියක් යට කරගෙන පොලීසියය කඩා වැදේ.
Tags
# දේශපාලන
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන
Labels:
දේශපාලන
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment