නැගෙනහිර ආණ්ඩුකාරවරිය ආණ්ඩු විරෝධී වැඩපිලිවෙලක - රාජ්‍ය ඇමතිගෙන් ප‍්‍රබල චෝදනාවක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, February 17, 2020

නැගෙනහිර ආණ්ඩුකාරවරිය ආණ්ඩු විරෝධී වැඩපිලිවෙලක - රාජ්‍ය ඇමතිගෙන් ප‍්‍රබල චෝදනාවක්

නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරිය සම්බන්ධයෙන් අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය ඇමති විමලවීර දිසානායක මහතා දැඩි චෝදනා එල්ල කරයි.

පසුගිය ජනාධිපතිවරණයේදී රාජපක්ෂවරුන් ඝාතනය කිරීමට යෝජනා කළ දෙමළ සන්ධාන කණ්ඩායම්වලට ආන්ඩුකාරවරිය විසින් වුව තනතුරු දී ඇති බව ඔහු සදහන් කරයි.
රාජපක්ෂවරුන් දේශපාලනයෙන් අතුගා දැමීමට කුමන්ත්‍රණ කල පිරිස් නැවතත් පස්සා දොරෙන් තම බලවේගයට එකතු වී ඇතැයිද ඔහු පැවසීය.

මේ ආණ්ඩුව බිහි කිරීම සඳහා උදව් උපකාර කළ බොහෝ පිරිසක් සිටිය දී බාහිරින් පිටස්තරයන් සම්බන්ධ කරගෙන තනතුරු දී ඇතැයි ද ඔහු චෝදනා කළේය.

නැගෙනහිර ආණ්ඩුකාරවරිය ගේ ක්‍රියා කලාපය හේතුවෙන් අද තම බලවේගය බරපතළ ලෙස බිද වැටී ඇති බවත් ආණ්ඩුකාර ක්‍රියාත්මක වන්නේ ආණ්ඩු විරෝධී ක්‍රියා පිළිවෙත බවද ඔහු කියා සිටියේය.

අම්පාරේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම චෝදනාව එල්ල කළේය.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ධුරය දරන්නේ අනුරාධ යහම්පත් මහත්මියයි.




No comments:

Post a Comment

Post Bottom Ad