චන්ද්‍රිකාත් පොහොට්ටුවට කිට්ටු කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, February 17, 2020

චන්ද්‍රිකාත් පොහොට්ටුවට කිට්ටු කරයි

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධානත්වයෙන් බිහිකර ඇති නව සන්ධානයට විරෝධී නොවන ස්ථාවරයක කටයුතු කිරීමට තීරණය කර ඇතැයි ඇයට සමීප ආරංචි මාර්ග පවසයි.
එක්සත් ජාතික පක්ෂයේ ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය මත ඇය මෙම තීන්දුවට පසුබා ඇති බව සඳහන් වෙයි.

ආසන්න දිනවලදී දේශපාලනය ගැන ඇයගෙන් මාධ්‍ය විසින් විමසද්දී ඒ ගැන අදහස් පල නොකර සිටින්නටද ඇය ප‍්‍රවේශම් වූවාය.

හිටපු ජනාධිපතිනිය පසුගිය නිදහස් දිනය දිනේ වෙනුවෙන් පැවති නිදහස් උත්සවයට ද ලැබුණු ආරාධනාව පිළිගෙන එයට සහභාගී වූවාය.

එහිදී මහින්ද රාජපක්ෂ අගමැතිවරයා සමග හිටපු ජනාධිපතිවරිය ඉතා සමීපව සුහදශීලීව අදහස හුවමාරු කරනු දක්නට හැකිවිය.


No comments:

Post a Comment

Post Bottom Ad